Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ලට කඩුලු 10 ක පහසු ජයක්
ජාතික සුපිරි ලීගය

ගාල්ලට කඩුලු 10 ක පහසු ජයක්

editorial - 2024 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම ඊයේ (17 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී සංගීත් කුරේ පන්දු 8 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 51 ක්ද, ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 8 ක් සමග ලකුණු 51 ක්ද රැස්කරමින් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ලකුණු 38 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ මහනුවර කණ්ඩායමට නිෂාන් පීරිස් සහ උදිත් මධුෂාන් ප්‍රමුඛ ගාල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. එහිදී නිෂාන් ලකුණු 18 කට කඩුලු 3 ක්ද, උදිත් ලකුණු 49 කට කඩුලු 3 ක්ද දවාගත්හ. 


මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 210 
(පවන්ත රත්නායක 56, ළහිරු උදාර 19, කමිල් මිෂාර 21, වනුජ සහන් 56, අෂීන් ඩැනියෙල් නොදැවී 20, ධනංජය ලක්ෂාන් 26/3) 

ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 248 
(ධනංජය ලක්ෂාන් 68, විෂාද් රන්දික 80, නිෂාන් පීරිස් නොදැවී 29, වනුජ සහන් 55/3, නිම්සර අතරගල්ල 72/3, ළහිරු උදාර 25/2) 

මහනුවර දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 144 
(ළහිරු උදාර 22, කමිල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 28, නිපුන් රංසික 27, නිෂාන් පීරිස් 18/3, උදිත් මධුෂාන් 49/3, රමේෂ් මෙන්ඩිස් 13/2) 

ගාල්ල දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 107 
(සංගීත් කුරේ නොදැවී 51, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 51) 


අදහස් (0)

ගාල්ලට කඩුලු 10 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.