Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ග්‍රෑන්කිවිස්ට්ගේ දඬුවම් පහර ස්වීඩනයට ජයගෙනෙයි

ග්‍රෑන්කිවිස්ට්ගේ දඬුවම් පහර ස්වීඩනයට ජයගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරියානු සමූහාණ්ඩුවට එරෙහිව ගෝල 1-0 කින් ජයගත් ස්වීඩනය මෙවර පාපන්දු ලෝක කුසලාන සඳහා සාර්ථක ආරම්භයකට මුලපිරීය. ස්වීඩනය 1958 වසරින් පසු ලෝක කුසලාන ආරම්භක තරගයක් ජයගනු ලබන්නේ වසර 60කට පසුව වීම විශේෂත්වකි. ‘එෆ් ’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය රුසියාවේ නිස්නි නොව්ගොරෝඞ් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) නිමාවට පත්විය.

ස්වීඩන් කණ්ඩායමේ නායක ඇන්ඩි්‍රයස් ග්‍රෑන්කිවිස්ට් සිය පන්දුව ගෝල සීමාව ආසන්නයටම ආරක්ෂිතව ගෙනගියද කොරියාවේ කිම් මින්වූ ඊට අවහිර කිරිම නිසා ස්වීඩනයට දඬුවම් පහරක් ලබාදීමට තරග විනිසුරු තීරණය කළේය. ඒ සමඟ එයින් උපරිම ඵලනෙලාගත් සිවීඩන් නායකයා 65 වැනි මිනිත්තුවේදී තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

තරගය ආරම්භ වී විනාඩි 13ක් යාමට මත්තෙන් කොරියාවට ගෝලයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වුවත් එයින් නිසි ඵල නෙලා ගැනීමට ඔවුන්ට නොහැකි විය. නැවතත් 20 වැනි මිනිත්තුවේදී ස්වීඩනයේ මාක්ස් බර්ග් ගෝල සීමාව ආසන්නයේදීම එල්ල කළ පා පහර කොරියානු දැල රකින්නා විසින් දැලෙන් එපිටතට පන්දුව යොමු කිරීම නිසා ස්වීඩනයට එවරද ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව නූලෙන් මගහැරී ගියේය.

තරගයේ පළමු භාගය නිමාවීමට මිනිත්තුවක් තිබියදී, ස්වීඩනය නැවතත් පන්දුව ගෝල සීමාව වෙත රැගෙන ගියද, එයින්ද ඵලක් නොවීමෙන් පළමු භාගය දෙපිලටම ලකුණු නොලබා අවසන් කිරීමට සිදු විය.

තරගයේ දෙවන භාගය ආරම්භ වී මිනිත්තු 6ක් යාමට මත්තෙන් නැවතත් කොරියාව තරගයට අවතීර්ණ වෙමින් කෝ ජැකෝල් වැරෙන් එල්ල කළ පා පහර දැල් ආවරණයෙන් එපිටට ගමන් කිරීම නිසා කොරියාවේ අවසන් සිහිනයද බොඳ විය. තරගය පුරාවටම දෙපිලම ගෝල සීමාව ආසන්නයේ වැඩිපුර කාලයක් ගත කළද, දෙපිලෙහිම දැල් රකින්නන් ප්‍රහාරකයන්ට තමන්ගේ දක්ෂතාවයන් පෙන්වීමට අවස්ථාව ලබා නොදීම තරගය පුරාවටම දක්නට ලැබුණි. ස්වීඩනයේ වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ඇන්ඩි්‍රයස් ග්‍රෑන්කිවිස්ට් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

ස්වීඩනයට පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට මෙතෙක් අවස්ථාව හිමිවී නැතත් 30 දශකයේ සිට 50 දශකය දක්වා පාපන්දු ලෝක කුසලානයේ වරින්වර ඉහළ දක්ෂතා පෙන්වා ඇත. 1958 වසරේ ලෝක කුසලාන අනුශූරයන් බවට පත්වන ස්වීඩනය 1950 සහ 1938 යන වර්ෂයන්හි පිළිවෙලින් තෙවන සහ සිව්වන ස්ථාන දිනා ගැනීමට හැකිවිය.

මෙවර ජර්මනිය, මෙක්සිකෝව, ස්වීඩනය සහ කොරියාව ‘එෆ් ’ කාණ්ඩයෙන් තරග වදින අතර ගියවර ශූරයන් මෙවර ආරම්භක තරගයේදීම මෙක්සිකෝව හමුවේ පරාජයට පත්වීම නිසා ස්වීඩනය ‘එෆ් ’කාණ්ඩයේ පෙරමුණ ලබා සිටියි. දළ ලකුණු වේගය අනුව මෙක්සිකෝවට හිමිව ඇත්තේ එහි දෙවන ස්ථානයයි.

 

 

- 024


අදහස් (0)

ග්‍රෑන්කිවිස්ට්ගේ දඬුවම් පහර ස්වීඩනයට ජයගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.