Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝලි විස්සයි20 ලකුණු 10,000 පසුකරයි

කෝලි විස්සයි20 ලකුණු 10,000 පසුකරයි

editorial - 2021 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඩුබායිහිදී පැවැති තරගයකදී විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව පසු කළ පළමු ඉන්දීය පිතිකරුවා බවට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි පත්විය.

එම දස්කම කළ ලොව 5 වැනි පිතිකරුවා බවට කෝලී පත්වූ අතර මින් පෙර ක්‍රිස් ගේල්, කරන් පොලාඩ් ෂොයිබ් මලික් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 10,000 සම්පූර්ණ කරමින් වාර්තා පොත් අතරට එක්වූහ.

මෙ වනවිට 32 හැවිරිදි වියෙහි පසුවන කෝලී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගෙන් පසුව විස්සයි20 සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 පසුකරමින් එම දස්කම කළ දෙවන ක්‍රීඩකයා බවට පත්විය.

විස්සයි20 තරග 314 කදී ලකුණු 10,038 ක් ලබාගෙන ඇති කෝලි ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 41.65 ක් ලෙස රඳවාගෙන ඇත. විස්සයි20 ශතක 5 ක් සහ අර්ධ ශතක 74 ක් ලබාගැනීමට කෝලි සමත්වී ඇති අතර එම ශතක පහම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් වාර්තාවීම කැපී පෙනුනි.

- 2079

 


අදහස් (0)

කෝලි විස්සයි20 ලකුණු 10,000 පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.