Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ සාර්ථක පිළිතුරකට සැරසෙයි
ජාතික සුපිරි ලීගය - 2024

කොළඹ සාර්ථක පිළිතුරකට සැරසෙයි

editorial - 2024 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 103 ක් ලබා සිටියේය. 

ඒ අනුව කොලඹ කණ්ඩායම තවත් කඩුලු 9 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 388 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය අවසානයේ හේෂාන් ප්‍රනාන්දු හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 36 ක්ද, නිපුන් ධනංජය හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 17 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 491 ක් ලබාගත්තේය. එහිදී රොන් චන්ද්‍රගුප්ත (128) සහ නිපුන් කරුණානායක (119) අර්ධ ශතක ලබාගත් අතර නිෂාන් මධුෂංක (53), සඳුන් වීරක්කොඩි (58) සහ සන්තුෂ් ගුණතිලක (50) අර්ධ ශතක ලබාගනිමින් යාපනය ඉනිම සවිමත් කළහ.  

යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 491   
(නිෂාන් මධුෂංක 53, රොන් චන්ද්‍රගුප්ත 128, නිපුන් කරුණානායක 119, සඳුන් වීරක්කොඩි 58, සන්තුෂ් ගුණතිලක 50, ජෙෆ්රි වැන්ඩසේ 25, චමත් ගෝමස් 16, අෂේන් බණ්ඩාර 22/2, නිසල තාරක 91/2, චාමික එදිරිසිංහ 97/2, නලින් ප්‍රියදර්ශන 117/2) 

කොළඹ පළමු ඉනිම - කඩුල්ලක් දැවී 103 
(හේෂාන් ප්‍රනාන්දු නොදැවී 36, දිමුත් කරුණාරත්න 37, නිපුන් ධනංජය නොදැවී 17) 

 


අදහස් (0)

කොළඹ සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.