Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ පිල ලකුණු 53 ක් පසුපසින්
ජාතික සුපිරි ලීගය

කොළඹ පිල ලකුණු 53 ක් පසුපසින්

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටියේය. 

ඒ අනුව කොළඹ කණ්ඩායම තවත් කඩුලු 2 ක් අතැතිව දඹුල්ල කණ්ඩායමට වඩා ලකුණු 53 ක් පසුපසින් සිටි අතර දෙවැනි දිනය අවසානයේ දුනිත් වෙල්ලාලගේ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද, නිසල තාරක නොදැවී ලකුණු 3 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්‍රිෂාන් සංජුල හතරේ පහර 6 ක් සමග ලකුණු 49 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය අතර දසුන් ශානක වේගවත් ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

පළමු දිනය වූ පෙරේදා (21 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටි දඹුල්ල කණ්ඩායමට ඊයේ සිය පළමු ඉනිමට එකදු ලකුණක් හෝ එක්කර ගැනීමට නිසල තරක ඉඩක් නොදුන්නේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිසල ලකුණු 77 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය.  


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 240    
(ලසිත් කෲස්පුල්ලේ 43, සනෝජ් දර්ෂික 23, පවන් රත්නායක 35, චමිඳු විජේසිංහ 51, නවීන් ප්‍රනාන්දු 25, නිසල තාරක 77/4, ඉසිත විජේසුන්දර 44/3, දසුන් ශානක 35/2) 

කොළඹ පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 187  
(ක්‍රිෂාන් සංජුල 49, නිපුන් ධනංජය 16, නුවනිඳු ප්‍රනාන්දු 17, ප්‍රියමාල් පෙරේරා 19, දසුන් ශානක 42, දුනිත් වෙල්ලාලගේ 20, නවීන් ප්‍රනාන්දු 38/2, මොහොමඞ් සිරාස් 57/2) 


අදහස් (0)

කොළඹ පිල ලකුණු 53 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.