Last Update  :  2024-04-29 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති
ජාතික සුපිරි ලීගය - 2024

කොළඹ ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

editorial - 2024 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර ඊයේ (23 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ ඕවර 44.3 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. අෂේන් බණ්ඩාර (නොදැවි 80) සහ තරිඳු රත්නායක (නොදැවී 37) අටවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 78 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගෙඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී පන්දු 66 කට මුහුණදුන් බණ්ඩාර පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 27 කදී වාර්තා වූ තරිඳුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 66 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 61 ක්ද, විෂාද් රන්දික පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 54 ක්ද රැස්කරමින් ජයග්‍රහණයට දායකත්වය සැපයූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 310 ක් ලබාගත් අතර එහිදී අගනා ශතකයක් ලබාගැනීමට නිපුන් කරුණානායක (නොදැවී 108) සමත් විය.  පන්දු 119 කට මුහුණදුන් ඔහු හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසුවේය. ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ පන්දු 91 කින් ලකුණු 86 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.  

යාපනය පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 310 
(සඳුන් වීරක්කොඩි 18, හසිත බෝයගොඩ 86, රොන් චන්ද්‍රගුප්ත 17, නිපුන් කරුනානායක නොදැවී 108, ජනිත ලියනගේ 15, රවිඳු  ප්‍රනාන්දු 26, ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 17, කසුන් රාජිත 62/2) 

කොළඹ පිල - ඕවර 47.3 කදී කඩුලු 7 ක් දැවී 312 
(ක්‍රිෂාන් සංජුල 47, නුවනිඳු ප්‍රනාන්දු 61, අෂේන් බණ්ඩාර නොදැවී 80, විෂාද් රන්දික 54, තරිඳු රත්නායක 37, ශිරාන් ප්‍රනාන්දු 47/2,  ප්‍රමෝද් මධුෂාන් 57/2) 

 


අදහස් (0)

කොළඹ ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.