Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ වයස 19 න් පහළ අන්තර් පළාත් ‘සුපිරි’ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ පිල අද (23) සමත් විය. අනු ශූරතාව දඹුල්ල පිලට හිමිවිය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී කමිල් මිෂාරගේ නායකත්වයෙන් යුත් කොළඹ පිල ලකුණු 61 කින් නිපුන් ධනංජය නායකත්වය දැරූ දඹුල්ල පිල පරාජය කළේය.
කොළඹ පිලේ පන්දු යවන්නෝ ලකුණු 304 ක ඉලක්කය හඹාගිය දඹුල්ල පිල ඕවර 42.5 කදී ලකුණු 242 කට සීමා කිරීමට සමත් වූහ.
ලක්‍ෂාන් ගමගේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50 කදී හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 63 ක් රැස්කරමින් දඹුල්ල පිලේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය.
දඹුල්ල පිල ලකුණු 139 කට කඩුලු හයක් දැවී අසීරු තත්ත්වයක සිටියදී ලක්‍ෂාන් ගමගේ (63) සහ දිනෙත් ජයකොඩි (51) හත්වැනි කඩුල්ලට ලකුණු 91 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආහ.
ඩිල්මින් රත්නායක දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 45 කට කඩුලු හතරක් දවාගනිමින් දඹුල්ල පිලේ පිතිකරුවන් පාලනය කළේය.
පළමුව පන්දුවට පහර දුන් කොළඹ පිල වෙනුවෙන් අහන් වික්‍රමසිංහ (නොදැවී 127) සහ කමිල් මිෂාර (120) ශතක රැස්කරමින් ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
අහන් වික්‍රමසිංහ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 116 කින් නොදැවී ලකුණු 127 ක් රැස්කිරීමට සමත් විය. අහන්ගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.
නායක කමිල් මිෂාර වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 114 කින් හතරේ පහර 10 ක් සහ හයේ පහර හයක් සමගින් ලකුණු 120 ක් රැස්කිරීමට සමත් විය.
අහන් සහ කමිල් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 161 ක සම්බන්ධතාව ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය බවට පත්විය.
අහන් සහ කමිල් දෙපළගේ මෙම ඉනිමත් සමඟ දඹුල්ල පිලේ පන්දු යවන්නෝ දැඩි ප්‍රහාරයකට ලක්වූහ.
කොළඹ කණ්ඩායම
මොහොමඞ් ශමාෂ් - ඇ.අමරසිංහ ප.ඩැනියල් 14 (33)
කමිල් මිෂාර - ඇ. සහ ප.පෙරේරා 120 (114)
අහන් වික්‍රමසිංහ - නොදැවී 127 (116)
සොනාල් දිනූෂ - ඇ.අමරසිංහ ප.තිලකරත්න 6 (07)
ජොහාන් ද සිල්වා - ඇ.රසන්ත ප.ජයතිලක 11 (14)
චමිඳු විජේසිංහ - ඇ.ජයකොඩි ප.රොද්‍රිගු 13 (13)
වයි.ඒ.ඩී. සඳරුවන් - ඇ.අමරසිංහ ප.ඩැනියල් 1 (02)
තෂික නිර්මාල් - නොදැවී 7 (02)
අතිරේක 4
එකතුව ඕවර 50 දී කඩුලු 6 ක් දැවී 303
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ඩිල්මින් රත්නායක, ප්‍රවීන් ද සිල්වා, කවීෂ දුලංජන
කඩුලු වැටීම:
1-31(ශමාෂ්), 2-192(මිෂාර), 3-211(දිනූෂ), 4-237(ජොහාන්), 5-269(විජේසිංහ), 6-275(සඳරුවන්)
පන්දු යැවීම:
යසිරු රොද්‍රිගු: 10-0-45-1, ලක්‍ෂාන් ගමගේ: 4-0-18-0, අෂේන් ඩැනියල්: 9-0-73-2, සුදීර තිලකරත්න: 10-0-59-1, නිම්නක ජයතිලක: 7-0-46-1, සුදීර වීරරත්න: 6-0-31-0, නිපුන් ධනංජය: 4-0-29-1
දඹුල්ල කණ්ඩායම
සුපුන් සුමනරත්න - දුවද්දී දැවී ගියා 35 (35)
නිපුන් ධනංජය - ඇ.ජොහාන් ප.විජේසිංහ 26 (17)
රවිඳු රසන්ත - ප.දිනූෂ 13 (17)
ලෙෂාන් අමරසිංහ - ප.රත්නායක 12 (30)
සුදීර වීරරත්න - ඇ.ජොහාන් ප.රත්නායක 11 (15)
දිනෙත් ජයකොඩි - ඇ.ජොහාන් ප.ප්‍රවීන් 51 (60)
සුදීර තිලකරත්න - ඇ.නිර්මාල් ප.රත්නායක 13 (20)
ලක්‍ෂාන් ගමගේ - ඇ.විජේසිංහ ප.නිර්මාල් 63 (50)
අෂේන් ඩැනියල් - ඇ.ශමාෂ් ප.රත්නායක 8 (04)
යසිරු රොද්‍රිගු - දුවද්දී දැවී ගියා 2 (04)
නිම්නක ජයතිලක - නොදැවී 1 (07)
අතිරේක 7
එකතුව ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 242
කඩුලු වැටීම:
1-50(නිපුන්), 2-78(රසන්ත), 3-79(සුමනරත්න), 4-102(වීරරත්න), 5-102(ලෙෂාන්), 6-139(තිලකරත්න), 7-230(ජයකොඩි), 8-239(ඩැනියල්), 9-239(ගමගේ), 10-242(රොද්‍රිගු)
පන්දු යැවීම:
ප්‍රවීන් ද සිල්වා: 8-0-56-1, චමිඳු විජේසිංහ: 7-0-57-1, සොනාල් දිනූෂ: 8-0-26-1, කවීෂ දුලංජන: 4-0-21-0, ඩිල්මින් රත්නායක: 8.5-1-45-4, තෂික නිර්මාල්: 6-0-28-1, වයි.ඒ.ඩී. සඳරුවන්: 1-0-9-0
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.