Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ - යාපනය තරගය ජය පැරදුමෙන් තොරයි
ජාතික සුපිරි ලීගය - 2024

කොළඹ - යාපනය තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2024 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. 

සිවුවැනි දිනය වූ ඉරිදා (17 වැනිදා) තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි යාපනය කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 146 ක් ලබා සිටි අතර ඒ වන විට හසිත බෝයගොඩ හතරේ පහර 5 ක් සමග ලකුණු 50 ක් ලබා සිටියේය. 

යාපනය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 491 ට පිළිතුරු වශයෙන් කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 592 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ නුවනිඳු ප්‍රනාන්දු (180) සහ දසුන් ශානක (118) ශතක ලබාගැනීමට සමත් වූහ.

කොළඹ ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූ අතර නුවනිඳුගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 14 කින්ද, දසුන්ගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින්ද සමන්විත විය. 

යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 491   
(නිෂාන් මධුෂංක 53, රොන් චන්ද්‍රගුප්ත 128, නිපුන් කරුණානායක 119, සඳුන් වීරක්කොඩි 58, සන්තුෂ් ගුණතිලක 50, ජෙෆ්රි වැන්ඩසේ 25, චමත් ගෝමස් 16, අෂේන් බණ්ඩාර 22/2, නිසල තාරක 91/2, චාමික එදිරිසිංහ 97/2, නලින් ප්‍රියදර්ශන 117/2) 

කොළඹ පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 592 
(හේෂාන් ප්‍රනාන්දු 41, දිමුත් කරුණාරත්න 37, නිපුන් ධනංජය 73, නුවනිඳු ප්‍රනාන්දු 180, අෂේන් බණ්ඩාර 44, දසුන් ශානක 118, පැතුම් කුමාර 35, නිසල තාරක 20, සන්තුෂ් ගුණතිලක 66/2, ශෂික දුල්ෂාන් 113/2, ජෙෆ්රි වැන්ඩසේ 175/2) 

යාපනය දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 146 
(නිෂාන් මධුෂංක 44, හසිත බෝයගොඩ නොදැවී 50, රොන් චන්ද්‍රගුප්ත 40) 

 


අදහස් (0)

කොළඹ - යාපනය තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.