Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ 3-2 කින් වි:20 තරගාවලිය දිනති

කොදෙව්වෝ 3-2 කින් වි:20 තරගාවලිය දිනති

editorial - 2023 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටි්‍රනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති පස්වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙවෝ, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ශායි හෝප් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 27 ක්ද, ශර්ෆේන් රදර්ෆෝඞ් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට ගුඩකේෂ් මෝති ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 22 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගුඩකේෂ් මෝති සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර අකීල් හොසේන්, ජේසන් හෝල්ඞ් සහ ඔන්ඩි්‍ර රසල් කඩුලු 2 බැගින් දවාගනිමින් එංගලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා මෝතිට අනගි සහායක් ලබාදුන්හ. 


එංගලන්තය - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 132 
(පිල්ප් සෝල්ට් 38, ලයෑම් ලිවිංග්ස්ටන් 28, මුයින් අලී 23, ගුඩකේෂ් මෝති 24/3, අකීල් හොසේන් 20/2, ජේසන් හෝල්ඞ් 24/2, ඔන්ඩි්‍ර රසල් 25/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 19.2 කදී කඩුලු 6 කදී 133 
(ජොන්සන් චාල්ස් 27, ශායි හෝප් නොදැවී 43, ශර්ෆේන් රදර්ෆෝඞ් 30, රීස් ටොප්ලි 17/2, ආදිල් රෂීඞ් 21/2) 

-036 


අදහස් (0)

කොදෙව්වෝ 3-2 කින් වි:20 තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.