Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ට රිදෙන්නම තැළුෑ කොදෙව් යෞවනයෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයේදී ලකුණු 195 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ කොදෙව්වෝ තමන් පහසුවෙන් පසෙකට තල්ලුකළ හැකි කණ්ඩායමක් නොවන බව ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට කියා දුන්හ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් පිල පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් කොදෙව් පිතිකරුවෝ අනුකම්පා විරහිත පිතිහරඹයක් ආරම්භ කළහ. නායක ස්ටීවන් පැස්කල් අදත් අඩු ලකුණු ගණනකට දැවී ගිය නමුත් ජෝර්ඩ්න් ජොන්සන්ට (105) එක්වූ ජොෂුවා ඩෝන් (56) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ට හොඳහැටි තැළුෑහ. මෙම ලකුණු 160 සම්බන්ධතාව සඳහා ඔවුන් දෙදෙනාම මුහුණ දුන්නේ පන්දු 131 කට පමණි.
ජොන්සන්ගේ පන්දු 79 ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. ජෙෂුවා ඩෝන් හතරේ පහර 6 කින් සිය ඉනිම හැඩකළේය.
ලකුණු 321 ක ඉලක්කයක් කරා යාම ආරම්භ කළ ශ්‍රී ලංකා යෞවනයෝ ආරම්භයේදීම අමාරුවේ වැටුණහ. නායක සිනෙත් ජයවර්ධන දෙවැනි ඕවරයේදීම දැවී ගිය අතර පුවරුවට ලකුණු 40 ක් එක්වෙද්දී කණ්ඩායමේ හොඳම පිතිකරුවෝ හය දෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ.
හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින්, පන්දු 33 කදී ලකුණු 51 ක් ලබාගැනීමට මල්ෂ තරුපති සමත් වූ නමුත්, ඒ වන විට හානිය සිදුවී අවසානය.
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ට 320
(ඒඩි්‍රයන් වියර් 32, ජොෂුවා ඩෝන් 56, ජෝර්ඩ්න් ජොන්සන් 105, මාවේන්ද්‍රා දින්ද්‍යාල් 22, ඩිවෝන් ජෝෂප් 10, තරීක් එඩ්වඩ් නොදැවී 53, නතාන් එඩ්වඩ් 13, සිනෙත් ජයවර්ධන 36/4)
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 125
(දිනුර කළුපහන 18, මල්ෂ තරුපති 51, විහාස් තෙව්මික 17, නතාන් එඩ්වඩ් 17/2, දේශ්වාන් ජේම්ස් 30/3, ඉසායි තෝන් 18/3)
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.