Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිල කඩුලූ 6 ට 276 යි

කොදෙව් පිල කඩුලූ 6 ට 276 යි

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර තරග තුනකින් සමන්විත ‘ශ්‍රීමත් විවියන් රිචඞ්ස්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කේප් ටවුන්හිදී අද (02) ආරම්භ වූ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 276 ක් රැස්කර සිටියේය.

ජර්මේන් බ්ලැක්වුඞ් (නොදැවී 45) සහ ජේසන් හෝල්ඩර් (නොදැවී 05) දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියහ.

නායක දිනේෂ් රැම්ඞීන් පන්දු 103 කදී හතරේ පහර 6 ක් ද ඇතුළත්ව ලකුණු 53 ක් ලබා දිනයේ ක‍්‍රීඩාව අවසන් වීමට ආසන්නයේ තිබියදී දැවී ගියේය.
 
ජර්මේන් බ්ලැක්වුඞ් සහ දිනේෂ් රැම්ඞීන් හයවැනි කඩුල්ලට ලකුණු 94 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කොදෙව් පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ශිවනරින් චන්ද්‍රපොල් පන්දු 48 කදී ලකුණු 9 ක් පමණක් ලබා තේ විවේකයෙන් පසු පළමු පන්දුවේදී දැවී ගියේය. ලියොන් ජොන්සන් පන්දු 84 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 54 ක් රැස් කළේය.  

කොදෙව් ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු ඩෙවොන් ස්මිත් පන්දු 86 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 47 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

කොදෙව් පිලේ පළමු කඩුල්ල ලෙස දෙවැනි තරගයේදී ශතකයක් රැස් කළ ක්‍රෙග් බ‍්‍රැත්වයිට් ලකුණු 7 ක් ලබා ඬේන් ස්ටෙයින්ගේ පන්දුවකට දැවී ගියේය.  

බටහිර ඉන්දීය කොදෙව් නායක දිනේෂ් රැම්ඞීන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය.


බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 90 කදී කඩුලූ 6 ට 276
(ඩෙවොන් ස්මිත් 47, ලියොන් ජොන්සන් 54, මාලන් සැමුවෙල්ස් 43, ජර්මේන් බ්ලැක්වුඞ් නොදැවී 45, දිනේෂ් රැම්ඞීන් 53, සීමන් හැමර් 67/3, ඬේන් ස්ටෙයින් 59/2)

 

 


- 048


අදහස් (0)

කොදෙව් පිල කඩුලූ 6 ට 276 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.