Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩාවේ දේශ ද්‍රෝහින් රටෙන් පිටුවහල් කරන්න ඕනේ

ක්‍රීඩාවේ දේශ ද්‍රෝහින් රටෙන් පිටුවහල් කරන්න ඕනේ

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ක්‍රීඩාවේ පිළිකාවක් බවට පත්ව සිටින පුද්ගලයන් කීප දෙනකු දේශද්‍රෝහීන් ලෙස රටෙන් පිටුවහල් කිරීමට තමාට අවශ්‍ය වුවත් අවාසනාවකට ඒ සඳහා තමාට ක්‍රීඩා පනතෙන් බලතල ලැබී නැතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.

මෙම පුද්ගලයන් සිය දූෂිත ක්‍රියා සාධාරණීය කිරීමට නීතිඥවරුන් හා මාධ්‍ය භාවිතා කරමින් සිටින බවත් මෙම තත්ත්වයන් ඇමතිවරයා ලෙස තමන් අපහසුතාවට පත් කෙරෙන සිදුවීම් වී ඇතැයිද ඇමැතිවරයා පැවසීය. ඇමතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ‘සිල්ක්’ ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවයේ (2022) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

ඇමැති රොෂාන් රණසිංහ මහතා එහිදී උත්සව සභාව අමතමින් මෙසේද පැවැසීය.

“ක්‍රීඩාවේ වංචා දූෂණ හෙළි කළාම තහනමට ලක්වුණු පුද්ගලයන් දේශපාලන ඇඟිලිගැසීම් කියලා ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් වෙත ගොස් පැමිණිලි කරන්න අද පෙළඹිලා ඉන්නවා. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මෙවැනි සිදුවීමක් වුණා. කෝප් කමිටුවේදී එහි හිටපු සභාපතිවරයකුට එරෙහිව විමර්ශනයක් පවත්වන්න උපදෙස් ලැබුණා. එහිදී විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ විගණන වාර්තාවක් සංශෝධනය කර ඉදිපත් කළ බවට මෙම හිටපු සභාපතිවරයා චෝදනා ලැබුවා.“

“ඒ හේතුවෙන් ඔහු වංචා විමර්ශන ඒකකය විසින් තහනම් කළ පුද්ගලයෙක් බවට පත්වුණා. මම ක්‍රීඩා ඇමැතිවෙලා වැඩ භාර ගන්නතුරුත් ඔහුට විරුද්ධව පියවර අරන් තිබ්බෙ නෑ“

“ඔහුට එරෙහිව පියවර නොගත්තා විතරක් නෙමේ, ඒ අතර අභියාචනයකුත් ඉදිරිපත්වෙලා තිබ්බා. අභියාචනා කමිටුවෙන් ඔහු වැරැදිකරුවකු බවට අනුමත කර තිබුණා. ඒ අනුව ඔහු ක්‍රීඩාවෙන් ඉවත් කරන්න අනුමත කරමි කියන තැන මම අත්සන් කළ නිසා ඔහුට ලෝකයට ගිහින් මම දේශපාලන අතපෙවීම් කළා කියලා කියනවා. අද රටේ ක්‍රීඩාවේ සිදුවන සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්නත් අපහසුයි.“ යයි ද ඇමතිවරයා පැවසීය. 


අදහස් (1)

ක්‍රීඩාවේ දේශ ද්‍රෝහින් රටෙන් පිටුවහල් කරන්න ඕනේ
  • sam Saturday, 25 March 2023 03:16 PM

    අර බෝන් අගේන් රොෂාන් අබේසේකර කරන්නෙත් ඒ වගේ වැඩක්... ඔහු බෝන් අගේන් සල්ලිවලට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිලා ඉන්න ක්‍රීඩකයින් අපහසුතාවයට යටිකූට්ටු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. වහාම මේවා හොයලා බලලා ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.