Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අවසන් වරට පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාල සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති අණින් සිදු කෙරුණු විමර්ශනයට අදාල වාර්තාව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැතැයි එහි සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
අදාල විමර්ශය සිදුකළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව, ඉකුත් 10 වැනිදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට සහ අමාත්‍යංශය ලේකම් කේ. මහේෂන් මහතාට එම විමර්ශන වාර්තාව ලබාදීමට කටයුතු කළේය.
හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් සහ නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු විමර්ශන කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ වූහ.
වාර්තාව භාරගැනීමෙන් අනතුරුව ඊට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා එම වාර්තාව ඉකුත් 16 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කළේය.
කෙසේ වුවත් එම වාර්තාවට අදාල වග උත්තරකාර පාර්ශවය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මෙතෙක් වාර්තාවේ පිටපතක් ලැබී නැතැයි ඊයේ (17 වැනිදා) පස්වරුවේ ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමන්ද වාර්තාව පිළිබඳව කරුණු දැනගත්තේ මාධ්‍ය තුළින් බවය.
“ඔය කියන විමර්ශන වාර්තාවෙ පිටපතක් තවම අපිට (ක්‍රිකට් ආයතනයට) ලැබිලා නෑ. අපිත් මාධ්‍යවල පළවෙනකොට තමා ඒ ගැන දැනගත්තෙ. වාර්තාව ලැබුණට පස්සෙ විධායක කමිටුව රැස්කරලා ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.
ඉකුත් වසරේ (2022) ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුව පත් කළේය.
අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකායක බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන්ම සදහන් කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.