
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාවේ ඉල්ලා අස්වීමෙන් පසුව එහි පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා ඊයේ (29) සිට බල පැවැත්වෙන පරිදි නව දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇත.
එහි සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා කටයුතු කරයි.
කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහනාම, කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි, ප්‍රකාශ් ශාෆ්ටර්, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතිඥ ඩිනාල් ෆිලිෆ්, තුසිර රදැල්ල යන මහත්වරු හා අවන්ති කොළඹගේ මහත්මිය කටයුතු කරති.
සිදත් වෙත්තමුණි හා ප්‍රකාශ් ශාෆ්ටර් යන මහත්වරු මීට පෙර ක්‍රියාත්මක වූ ක්‍රිකට් අතුරු කමිටුවල ද කටයුතු කළහ.
සිදත් වෙත්තමුණි මහතා වසර 2015 ක්‍රියාත්මක වූ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධූරය ද දැරීය. මේ අතර කුමාර් සංගක්කාර මහතා ක්‍රිකට් අතුරු කමිටුවක පත්වීම් ලබන්නේ පළමු වතාවටය.
ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු තාවකාලිකව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය යටතට පවරා ගත් බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව පෙරේදා (28) පස්වරුවේ රැස්වීමෙන් පසුව සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය.
ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම සඳහා තාවකාලිකව අතුරු කමිටුවක් කඩිනමින් පත් කිරීමට කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.