Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කර්බර් ෂරපෝවාගේ බලාපොරොත්තු ඉරාදමයි

කර්බර් ෂරපෝවාගේ බලාපොරොත්තු ඉරාදමයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ශූරතාව දිනාගැනීම සම්බන්ධයෙන් මාරියා ෂරපෝවා තැබූ බලාපොරොත්තු කීතු කීතු කොට ඉරාදැමූ ජර්මනියේ ඇන්ජලික් කර්බර් මෙල්බර්න් නුවරදී අද පැවැති තරගයෙන් ලකුණු 6-1 සහ 6-3 ක් වශයෙන් පහසු ජයක් ලබාගත්තාය.

රොඞ් ලීවර් පිටියේදී තරග වැදුණු මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා මෙවර ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ කාන්තා කේවල අංශයේ ඉතිරිව සිටි එකම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරියෝ දෙදෙනා වූහ. තුන්වැනි වටයේ තරගයකට වඩා එය අවසන් මහ තරගයක් සේ දිස්විය. එහෙත් ෂරපෝවා පරාජය වීමත් සමගින් දැන් එහි ඉතිරිව සිටින්නේ ඇන්ජලික් කර්බර් පමණි.

වසර දෙකකට ඉහත පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී තහනම් උත්තේජක ගත් බවට වැරදිකාරිය වූ ෂරපෝවා මෙවර තරගාවලියට එක්ව සිටින්නේ මාස 15 ක තහනමකින් පසුවය. මේ වන විට ශ්‍රේණිගත ලයිස්තුවේ තරමක් පහළින් සිටින නමුත් කර්බර් තරගය ආරම්භ වූ මොහොතේ සිටම ෂරපෝවාට වඩා ඉදිරියෙන් සිටියාය. ෂරපෝවා වෙතින් ඇයට තිබුණේ සුළු තර්ජනයක් පමණි. කෙටියෙන්ම කිවහොත් එය ෂරපෝවාගේ රාත්‍රිය නොවූවාය.

 


අදහස් (0)

කර්බර් ෂරපෝවාගේ බලාපොරොත්තු ඉරාදමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.