Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැට් කමින්ස්ගේ (නොදැවී 56) ප්‍රවේගකාරී පිතිහරඹයත්, වෙන්කටේෂ් අයියර්ගේ (නොදැවී 50) අර්ධ ශතකයත් හමුවේ මුම්මායි ඉන්දියන්ස් පිලට එරෙහිව අද (6 වැනිදා) පැවැති ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගය කඩුලු 5 කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 16 කදී කඩුලු 5 ක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය.
එහිදී පන්දු 14 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ පැට් කමින්ස් ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සම කිරීමටද සමත්විය. එමෙන්ම ඩැනියෙල් සෑම්ස් යවන ලද 16 වැනි ඕවරයේදී ලබාගත් ලකුණු 35, පන්දු යවන්නෙකුට එරෙහිව ඕවරයකදී ලබාගත් ඉහළම ලකුණු අතර තෙවැනි ස්ථානය ගැනීමටද සමත්විය.
අවසන් ඕවර 5 තුලදී ජයග්‍රහණය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ලකුණු 35 ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර 16 වැනි ඕවරයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ පැට් කමින්ස් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් (6,4,6,6,(නිපන්දුවට 2යි),4,6) සමගින් ලකුණු 35 ක් ලබාගැනීමට සමත්විය.
පන්දු 15 කට මුහුණදුන් පැට් කමින්ස් හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් සහ වෙන්කටේෂ් අයියර් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් ලබාගනිමින් කොල්කටා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩු 4 ක් දැවී ලකුණු 161 ක් ලබාගැනීමට සමත්විය.
එහිදී සූර්යකුමාර් යාදව් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 52 ක් ද, තිලක් වර්මා නොදැවී ලකුණු 38 ක් ද, ඩෙවල්ඞ් බ්‍රෙවීස් ලකුණු 29 ක් සහ කරන් පොලාඞ් නොදැවී ලකුණු 22 ක් ලබාගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
පැට් කමින්ස් තරගයේ වීරයාවට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත්විය.
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 161
(ඩෙවල්ඞ් බ්‍රෙවීස් 29, සූර්යකුමාර් යාදව් 52, තිලක් වර්මා නොදැවී 38, කරන් පොලාඞ් නොදැවී 22, පැට් කමින්ස් 49/2)
කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 16 කදී කඩුලු 5 ක් දැවී 162
(වෙන්කටේෂ් අයියර් නොදැවී 50, පැට් කමින්ස් නොදැවී 56, මුරුගන් අෂ්වින් 25/2, ටයිමාල් මිල්ස් 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.