සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ‘ශ‍්‍රීමත් ෆෑන්ක් වොරල්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඩොමිනිකාහිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (05) කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 216 කට සීමා කළ ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 47 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුල්ලක් දැවී සම්පූර්ණ කළේය.
දෙවැනි දිනය අවසන් වන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 25 ක් ලබා සිටි කොදෙව් පිලේ තෙවැනි කඩුල්ල ලෙස මුඵ ලකුණු 37 දී ඩැරන් බ‍්‍රාවෝ (05) දැවී ගියේය.
ෂේන් ඩොව්රිච් (70) සහ මාලන් සැමුවලේස් (74) සිවුවැනි කඩුල්ලට ලකුණු 144 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද මැද පෙළ ඇතුඵ සෙසු සියලූම පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළද ගැනීමට සිදුවිය.
ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමේදී නොදැවී ලකුණු 130 ක් රැස්කළ ඇඩම් වෝග්ස් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය. මෙය වෝග්ස්ගේ පළමු ටෙස්ට් තරගය වන අතර එහිදී තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීම කැපී පෙනුණි.
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 53.5 කදී සියලූ දෙනා දැවී 148
(ශායි හොපි 36, ඩැරන් බ‍්‍රාවෝ 19, ෂේන් ඩොව්රික් 15, දිනේෂ් රැම්ඩින් 19, ජේසන් හෝල්ඩර් 21, මිචෙල් ජොන්සන් 34/3, ජෝෂ් හේසල්වුඞ් 33/3, මිචෙල් ස්ටාක් 48/2)
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම ඕවර 107 කදී සියලූ දෙනා දැවී 318
(ෂෝන් මාෂ් 19, ස්ටීව් ස්මිත් 25, මයිකල් ක්ලාක් 18, ඇඩම් වෝග්ස් නොදැවී 130, ෂේන් වොට්සන් 11, මිචෙල් ජොන්සන් 20, නේතන් ලියොන් 22, ජෝෂ් හේසල්වුඞ් 39, ඩිවෙන්ද්‍ර බිෂෝ 80/6)
බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම ඕවර 86 කදී සියලූ දෙනා දැවී 216
(ෂේන් ඩොව්රිච් 70, මාලන් සැමුවලේස් 74, මිචෙල් ජොන්සන් 38/2, මිචෙල් ස්ටාක් 28/4, ජෝෂ් හේසල්වුඞ් 17/2, නේතන් ලියොන් 67/2)
ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම ඕවර 5 කදී කඩුලූ 1 ට 47
(ෂෝන් මාෂ් නොදැවී 13, ඬේවිඞ් වෝනර් 28)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.