Last Update  :  2024-04-29 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට ලකුණු 360 ක ජයක්
පර්ත් ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියාවට ලකුණු 360 ක ජයක්

editorial - 2023 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පර්ත් නුවරදී අද (17 වැනිදා) නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානය ලකුණු 360 කින් පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ අත්කර ගත්හ. මේ අතර ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් සිය 500 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේය.  

දෙවැනි ඉනිමේදී ලකුණු 450 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානුවෝ මිචෙල් ස්ටාක් (31/3) සහ ජොෂ් හේසල්වුඞ් (13/3) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ ලකුණු 89 කට දැවී ගියහ. 

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත්හිදී පළමු ටෙස්ට් තරගය ආරම්භ වන විට කඩුලු 496 ක් ලබා සිටි ලයන්, දෙවැනි ඉනිමේදී කඩුල්ල මුවා කිරීමේ වරදට ෆාහීම් අෂ්රෆ් හසුකරගනිමින් 500 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේය. පිට දඟ පන්දු යවන්නා එම ඕවරයේදීම තම 501 වැනි කඩුල්ල දවාගත්තේ ආමර් ජමාල් පිටියෙන් ඉවත් කරමිනි. 

“ඒ ගොල්ලන් ළඟ මගේ නම දකින විට මට තවමත් හිතාගන්න බෑ. මම හීනයක් දකිනවා ද කියලා මම මාවම කොනිත්තා ගන්නවා” යයි ලයන් කීවේ කඩුලු 500 සමාජයේ සෙස්සන් සිහිපත් කරමිනි. 

මුත්තයියා මුරලිදරන් (800), ෂේන් වෝන් (708), ජේම්ස් ඇන්ඩසන් (690), අනිල් කුම්බල් (619), ස්ටුවර්ට් බ්‍රෝඞ් (604), ග්ලෙන් මැග්‍රාත් (563) සහ කර්ට්නි වොල්ෂ් (519) ටෙස්ට් කඩුලු 500 ක් දවාගත් සෙසු පන්දු යවන්නෝ වෙති.  

ලයන් කියා සිටියේ වසර 2027 දී පැවැත්වෙන මීළඟ අළු බඳුන තරගාවලිය සඳහා එංගලන්තයට යන තෙක් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට තමාට අවශ්‍ය බවයි. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 487 යි
පාකිස්තානය - පළමු ඉනිම 271 යි

ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 5 ට 233 යි
පාකිස්තානය - දෙවැනි ඉනිම 89 යි

(ඉමාම් උල් හක් 10, බාබර් අසාම් 14, සවුද් ශකීල් 24, මිචෙල් ස්ටාක් 31/3, ජොෂ් හේසල්වුඞ් 13/3, නේතන් ලයන් 14/2)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 360 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.