Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව කඩුලු 3 ට 187 යි
මෙල්බර්න් ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියාව කඩුලු 3 ට 187 යි

editorial - 2023 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (26 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටියහ. ඒ වන විට පිටියේ රැඳී සිටි මානස් ලැබුෂේන් නොදැවී ලකුණු 44 ක් ලබා සිටි අතර ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 9 ක් ලබා සිටියේය.

පර්ත්හි ටෙස්ට් තරගය ලකුණු 360 කින් ජයගත් ඕස්ටේ්‍රලියානුවන්ගේ බලාපොරොත්තුව මෙම තරගයේදීම ටෙස්ට් තුනකින් සමන්විත තරඟාවලියේ ජයග්‍රහණය මිට මොළවා ගැනීමයි. 

වේග පන්දු යවන්නන්ට ගැලපෙන තණතීරුවකදී කාසියේ වාසිය දිනූ පකිස්තානු නායක ශාන් මසූඩ් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඩේවඩ් වෝනර් (38) සහ උස්මන් කවාජා (42) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් වැසිබර කාලගුණය නිසා පන්දුව ඉක්මනින් දෝලනය විය.

වෝනර් ලකුණු 02 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් දෙවැනි ස්ලිප් හි සිටි අබ්දුල්ලා ශෆීක් වෙතින් ගිළිහී ගියද හිතුවක්කාරී පහර වලට නම්දැරූ පිතිකරුවකු වන වෝනර්, දිවා ආහාරයට පෙර යැවුණු අවසන් ඕවරයේදී අඝා ෂල්මාන්ට තමන්ගේ කඩුල්ල පූජා කළේය. 

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 3 ට 187 යි
(ඩේවිඩ් වෝනර් 38, උස්මන් කවාජා 42, මානස් ලැබුෂේන් නොදැවී 44, ස්ටීවන් ස්මිත් 26)

ඡායාරූප - ඒ.එෆ්.පී


අදහස් (0)

ඕස්ට්‍රේලියාව කඩුලු 3 ට 187 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.