Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ තරගයේ පාලනය සියතට ගනිති
මෙල්බර්න් ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියානුවෝ තරගයේ පාලනය සියතට ගනිති

editorial - 2023 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ තරගයේ වාසිය තමන් වෙත ඇදගෙන සිටියහ. කඩුලු 6 ක් දැවී ලකුණු 194 ක් ලබාගනිමින් පාකිස්තානය දිනය නිමා කළේය. 

තරගය නතර කරන විට මොහොමඞ් රිස්වාන් නොදැවී ලකුණු 29 ක් ලබා සිටි අතර පන්දු යවන්නකු වන අමීර් ජමාල් නොදැවී ලකුණු 2 ක් ලබා පිටියේ සිටියේය. එහෙත් ඒ වන විටත් ඔව්හු ඕස්ටේ්‍රලියානුවන්ට වඩා ලකුණු 124 ක් පිටුපසින් සිටියහ. 

එක් අවස්ථාවකදී පාකිස්තානුවෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 124 ක් ලබා සිටියහ. එහෙත් පාකිස්තානු නායක අබ්දුල්ලා ෂෆීක් (62) දුන් උඩපන්දුව රැකගත් ඕස්ට්‍රේලියානු නායකයා පසුව බබාර් අසාම් (01) සහ අඝා සල්මාන් (5) දෙදෙනාම පිටියෙන් ඉවත් කළේ තරගයේ පාලනය තම කණ්ඩායම වෙත ඇදගනිමිනි. කමින්ස්ට විශිෂ්ට සහයෝගයක් දුන් නේතන් ලයන් විසින් ඉමාම් උල් හක් (10) සහ ශාන් මසූඞ්ගේ (54) ඉනිම නිමා කරන ලදි. පාකිස්තානුවෝ ලකුණු 170 ක් ඇතුළත කඩුලු 6 ක් අහිමි කරගත්හ. 

පන්දුව ඉතාමත් හොඳින් දෝලනය වන තණතීරුවක ලකුණු 318 ක් ලබාගැනීම පහසු කාරියක් නොවේ. පළමු දිනය නිමාවේදී කඩුලු 3 කට ලකුණු 187 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 7 ක් අද පෙරවරුවේදී දවාගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූවද ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ධෛර්ය සම්පන්නව ක්‍රීඩා කළහ. මානස් ලැබුෂේන් පන්දු 155 කින් ලකුණු 63 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. 

නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ ඉමාම් උල් හක් ලකුණු 10 ක් ලබා දැවී යාමෙන් පසුව එක්වූ අබ්දුල්ලා ශෆීක් (62) සහ ශාන් මසූඞ් (54) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් අබ්දුල්ලා ශෆීක් දැවී යාමෙන් පසුව පාකිස්තානු ඉනිම එකතැන කඩා වැටිණ. 

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන මෙම තරගාවලිය 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියකි. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 318 යි
(ඬේවිඞ් වෝනර් 38, උස්මන් කවාජා 42, මානස් ලැබුෂේන් 63, ස්ටීවන් ස්මිත් 26, ට්‍රැවිස් හෙඞ් 17, මිචෙල් මාෂ් 41, පැට් කමින්ස් 13, ශහීන් ෂා අෆ්රීඩි 85/2, මීර් හම්සා 51/2, හසන් අලී 61/2, ආමර් ජමාල් 64/3)

පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 6 ට 194 යි
(අබ්දුල්ලා ශෆීක් 62, ඉමාම් උල් හක් 10, ශාන් මසූඞ් 54, මොහොමඞ් රිස්වාන් නොදැවී 29, පැට් කමින්ස් 37/3, නේතන් ලයන් 48/2)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ තරගයේ පාලනය සියතට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.