Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති
මෙල්බර්න් ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු 97 කට කඩුලු 10 ක් දවාගත් පැට් කමින්ස් මෙල්බර්න් පිටියේදී පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 79 ක විශිෂ්ට ජයක් කරා ඕස්ට්‍රේලියාව කැඳවාගෙන ගියේය. මෙම ජයත් සමගින් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජයගත් ඕස්ට්‍රේලියානුවෝ 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්හ. 

ජයග්‍රහණය සඳහා පාකිස්තානුවන් සිය දෙවැනි ඉනිමේදී ලකුණු 317 ක ඉලක්කයක් කරා ගියහ.  එහෙත් තරගයේ සිව්වැනි දිනය වූ අද (29 වැනිදා) පාකිස්තානුවෝ ලකුණු 237 කට දැවී ගියහ. ශාන් මසූඞ් (60), අඝා සල්මාන් (50) සහ බබාර් අසාම් (41) ඒ වෙනුවෙන් දැඩි සටනක් කළ නමුත් අවසන් කඩුලු 5 ලකුණු 18කට බිඳ වැටිණි. මිචෙල් ස්ටාක් ලකුණු 55 ට කඩුලු 4 ක් දවාගත්තේය. 

පාකිස්තානය 1995 වසරෙන් පසු ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන නැත. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියකි. 

ශාන් මසූඞ් ලකුණු 12 දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ යයි විනිසුරුවරයා තීරණය කළ නමුත් විතීවි අවස්ථාව ලබාගැනීමෙන් පසු පිතිකරුවා තමන්ගේ කඩුල්ල රැකගත්තේය. ලකුණු 35 ක් ලබාගෙන සිටියදී මොහොමඞ් රිස්වාන් ඕස්ට්‍රේලියානුවන්ට  අනතුරුදායක ලෙස පෙනී සිටියේය. එහෙත් නායක පැට් කමින්ස් විසින් රිස්වාන් දවාගන්නා ලදි. 

තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ලබන සතියේ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 318 යි
පාකිස්තානය - පළමු ඉනිම 264 යි
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම 262 යි
පාකිස්තානය - දෙවැනි ඉනිම 237 යි

(ඉමාම් උල් හක් 12, ශාන් මසූඞ් 60, බාබර් අසාම් 41, සවුද් ශකීල් 24, මොහොමඞ් රිස්වාන් 35, අඝා ෂලමාන් 50, මිචෙල් ස්ටාක් 55/4, පැට් කමින්ස් 49/5)

ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.