Last Update  :  2024-04-29 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නැවතත් සටනට

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නැවතත් සටනට

editorial - 2023 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැද පෙළ පිතිකාරිණියන්ගේ ධෛර්යවත් පිතිහරඹය නිසා ඉන්දියාවට එරෙහිව වැන්කඬේ පිටියේදී පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නැවතත් සටනට අවතීර්ණව සිටිති. 

පළමු ඉනිමට ලකුණු 406 ක් ඇතුළත් වූ හෙයින් ඉන්දියානු ක්‍රීඩිකාවන්ට ලකුණු 187 ක වාසියක් ලැබිණ. එහෙත් තරගයේ තුන්වැනි දිනය වූ අද (23 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 කට ලකුණු 233 ක් ලබා සිටියහ. 

තරගයේ දෙවැනි දිනය අවසානයේදී ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 7 ක් දැවී ලකුණු 376 ක් ලබා සිටියහ. ඔවුන් අද පෙරවරුවේදී පහසුවෙන්ම ලකුණු 400 සීමාව පසුකර ගිය නමුත් ඉන්දීය ඉනිම ලකුණු 406 කින් නතර කරගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ට හැකිවිය. පිට දඟ පන්දු යවන ඇලීෂා ගාඩිනර් ලකණු 100 කට කඩුලු 4 ක් දවාගත්තාය. 

සියලු දෙනාම පාහේ හොඳ ආරම්භයන් ලබාගත් නමුත් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ලකුණු 40 සීමාව ඉක්මවා යා හැකිවූයේ පිතිකාරිණියන් දෙදෙනකුට පමණි. ටාලියාට එක්වූ නායිකා ඇලිසා හීලි සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ වාසිය අභිබවා ගියාය. 

කාන්තා ටෙස්ට් තරගයක් වන බැවින් මෙම තරගය දින 4 ක  තරගයක් වෙයි. හෙට තරගයේ අවසන් දිනයයි. 


ඕස්ට්‍රේලියානු කාන්තාවෝ - පළමු ඉනිම 219 යි
ඉන්දීය කාන්තාවෝ - පළමු ඉනිම 406 යි
ඕස්ට්‍රේලියානු කාන්තාවෝ - දෙවැනි ඉනිම කඩුලු 5 ට 233 යි

(බෙත් මූනි 33, ෆෝබී ලිච්ෆීල්ඞ් 18, එලිස් පෙරී 45, ටාලියා මැග්‍රාත් 73, ඇලිසා හීලි 32, ඇනබෙල් සදර්ලන්ඞ් නොදැවී 12, ස්නේ රානා 54/2, හර්මන්ප්‍රීත් කවුර් 23/2)

- 213

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නැවතත් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.