Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිව්දින තරගයේ තෙවැනි දිනය වූ අද (16 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 212 ක් රැස්කර සිටියේය. මේ වනවිට ඕස්ට්‍රේලියා ‘ඒ’ පිල ලකුණු 317 ක් ඉදිරියෙන් පසු වන්නේය.
දිනය නිමාවනවිට ජිමී පෙයාර්සන් ලකුණු 13 ක් සහ ඒරන් හාඩී ලකුණු 4 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය කලින්ම නතර කිරීම නිසා ඕවර 33 ක් පමණ අපතේ ගියේය.
පළමු කඩුල්ල සඳහා ලකුණු 61 සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් වූ මාකස් හැරී සහ මැට් රේන්ෂෝ සමත්වුවද ලකුණු 6 ක් තුල කඩුලු 3 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියා ‘ඒ’ පිතිකරුවන්ට පීඩනයක් ඇති කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ සමත්වූහ.
නමුත් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නික් මැඩිසන් සහ ජොෂ් ෆිලිප් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ද සමත්වූහ. පන්දු 95 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි නික් මැඩිසන් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 59 ක් ද, පන්දු 70 කට මුහුණදුන් ජොෂ් ෆිලිප් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 69 ක් ද ලබාගැනීමට සමත්විය.
ලක්ෂිත මනසිංහ කඩුලු 2 ක් ද, දිල්ෂාන් මදුශංක, ප්‍රභාත් ජයසූරිය සහ සුමින්ද ලක්ෂාන් එක් කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දෙවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 කට ලකුණු 250 ක් ලබාගනිමින් සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අද දිනයේදී ඉතිරි කඩුලු දෙක අහිමිවන විට ඉනිමට එක්කර ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 24 ක් පමණි.
ඕස්ට්‍රේලියා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 379
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 274
(පබසර වඩුගේ 30, නුවනිඳු ප්‍රනාන්දු 86, සදීර සමරවික්‍රම 29, ළහිරු උදාර 50, ලක්ෂිත මනසිංහ 35, ටොඩ් මර්ෆී 67/4, මාක් ස්ටෙකෙටී 51/3, මැතිව් කුනේමාන් 41/2)
ඕස්ට්‍රේලියා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 212
(මාකස් හැරී 32, මැට් රෙන්ෂෝ 32, නික් මැඩිසන් 59, ජොෂ් ෆිලිප් 69, ලක්ෂිත මනසිංහ 83/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.