Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්

ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ඕවර 14.3 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් රැස්කළ ඩි’ආසි ෂොට් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ඒරන් ෆින්ච් පන්දු 5 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 20 ක් රැස්කළේය.

ක්‍රිස් ලයන් (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩි’ආසි ෂොට්, ඉන් නොනැවතී ග්ලේන් මැක්ස්වෙල් (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයට අඩි තාලම දැමීය.

පන්දු 19 කදී වාර්තා වූ ලයන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 137 ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජොස් බට්ලර් පන්දු 49 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය.

එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කේන් රිචඞ්සන් ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගත් අතර බිලි ස්ටැන්ලේක් ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 137
(ජේම්ස් වින්ස් 21, ජොස් බට්ලර් 46, සෑම් බිලින්ස් 29, කේන් රිචඞ්සන් 33/3, බිලි ස්ටැන්ලේක් 28/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 14.3 කදී කඩුලු 3 ක් දැවී 138
(ඩි’ආසි ෂෝට් නොදැවී 36, ක්‍රිස් ලයන් 31, ග්ලේන් මැක්ස්වෙල් 39, ඒරන් ෆින්ච් නොදැවී 20, ක්‍රිස් ජෝදාන් 26/2)


- 036


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.