Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 173 ක සහභාගීත්වයෙන් මෙවර පැවැත්වෙන වසරේ ප‍්‍රධානතම පිළිමලූන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටය 19 සහ 20 දිනවල පැවැත්වෙන අතර මෙවර සුදුසුකම් ලබාගැනීමේ වටයට ඇතුළත් මුළු තරග ගණන 52 කි.
ඒ අතර ”එෆ්.ඒ.” තරග ඉතිහාසයේ පළමු වතාවට මුලතිව් දිස්ති‍්‍රක්කයෙන් කණ්ඩායමක් ඉදිරිපත්ව සිටියි. ඒ මුලතිව්හි ”ශාන්ත ජුඞ්” කී‍්‍රඩා සමාජයයි.
මෙවර එෆ්.ඒ. පාපන්දු තරග මාලාවට වසර ගණනාවකට පසු ඉහළම කණ්ඩායම් සහභාගීත්වයක් පෙන්නුම් කිරීම කැපී පෙනේ. ගියවර තරගාවලියට සහභාගි වූයේ කණ්ඩායම් 139 කි.
ප‍්‍රබල කණ්ඩායම් කීපයක්ම මෙවර තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ සිට සහභාගිවීම ද කැපී පෙනේ. ඒ අතර පළමු පෙළ කී‍්‍රඩා සමාජ කණ්ඩායම් තුනක් වන මීගමුව ජුපිටර්ස් සහ කොල්ලූපිටිය යුනයිටඞ් යන කී‍්‍රඩා සමාජ වෙති.
තරගාවලියේ පළමු වටය ලබන නොවැම්බර් 1 වැනිදා සිට පැවැත්වේ. මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින අළුත්ම අනුග‍්‍රාහක ආයතනය ඉහළම ත්‍යාගය ලබාදීමට ඉදිරිපත්ව සිටින බවත් වාර්තා වේ. ඒ අනුව මෙවර ශූරයන් හා අනුශූරයන් හට දක්‍ෂතම කී‍්‍රඩකයන් සඳහා වන තෑගි මුදල ද වැඩි කිරීමට සාකච්ඡුා වී ඇතැයි ද පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර තරගාවලියේ නිල සමාරම්භක උත්සවය ලබන අඟහරුවාදා (22) කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ගිය වසරේ ශූරතාව නාවික හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. වසර 2005 සිට තරගාවලියට අනුග‍්‍රහය දැක්වූ හෝල්සිම් සමාගම වෙනුවට මෙවර ”ෆුඞ් සිටි” ආයතනය තරගාවලියට අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.
එෆ්.ඒ. කුසලාන තරගාවලියට මෙවර කණ්ඩායම් සහභාගිත්වයේ වර්ධනයට හේතුවූ කරුණු අතර කී‍්‍රඩා සමාජවලින් තරගාවලියට ඇතුළත්වීමේ ගාස්තු අඩු කිරීම ද හේතුවක් බව පාපන්දු සම්මේලනය සඳහන් කරයි.
එංගලන්තයේ සුප‍්‍රකට එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියට සමගාමිව 1949දී මෙරට එෆ්.ඒ. කුසලාන 21ක් වතාවක් දිනාගත් සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජයේ මෑත කාලයේ පසුබෑමක් පෙන්නුම් කරන අතර පසුව හය වතාවක් තරගාවලිය ජය ගැනීමට රත්නම් කී‍්‍රඩා සමාජය සමත්ව තිබේ.
එෆ්.ඒ. කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයකදී වැඩිම ගෝල ගණනක් පිහිටුවීමේ වාර්තාව වත්මන් ප‍්‍රවීණතම පාපන්දු උපදේශකවරයකු වන පී.ඞී. සිරිසේන මහතා සතුවේ.
1960 පැවැති අවසන් මහ තරගයේදී ඔහු ගෝල හයක් ලබා තිබේ. එහිදී ඔහු විසින් පිහිටුවා ඇති තවත් වාර්තාවක් වන්නේ එම තරගාවලිය පුරා ගෝල 24ක් ලබාගනිමින් මෙතෙක් තරගාවලියකදී කී‍්‍රඩකයකු ලබා තිබෙන වැඩිම ගෝල ගණනට ද හිමිකම් කීමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.