Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එෆ්.ඒ. පාපන්දු කුසලාන එළිදැක්වූ අවස්ථාව....... කාගිල්ස් ෆුඞ්සිටි ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සිදත් කොඩිකාර මහතා හා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාද ඡයාරූපයේ සිටිති. කාගිල්ස් ෆුඞ්සිටි ආයතනයේ අධ්‍යක්ෂක සහ සාමාන්‍යාධිකාරී රුමේෂ් රහීම්, පාපන්දු සම්මේලනයේ තරග කමිටු සභාපති කේ.පී.පී. පතිරණ හා සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් උපාලි හේවගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
සුගතදාස පිටියේදී මෙම 22 වැනිදා පැවැත්වෙන එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන්ට රිදියෙන් නිර්මාණය කළ ආකර්ශණීය කුසලානයන් ප‍්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. කිලෝග‍්‍රෑම් 6 ක් බරැුති මෙම කුසලානය අඟල් 25 ක් උසකින් යුතු වන අතර එංගලන්තයේ සුප‍්‍රසිද්ධ එෆ්.ඒ. පාපන්දු කුසලානයේ ආකෘතියක් ලෙස සකස්කර තිබේ.
එෆ්.ඒ. කුසලාන තරගාවලියක ජයග‍්‍රහණයට ලබාදෙන වැඩිම ත්‍යාග මුදල මෙවර පිරිනැමෙන අතර ශූරයන්ට ලක්ෂ හතක් සහ අනුශූරයන්ට ලක්‍ෂ පහක් ප‍්‍රදානය කෙරේ. පසුගිය ඔක්තෝම්බර් 19 වැනිදා ආරම්භ වූ කාගිල්ස් ෆුඞ්සිටි පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය තෙක් තරග 172 ක් පවත්වා අවසන් කර තිබේ.
මෙරට පාපන්දු සංවර්ධන කටයුතු සඳහා ඉදිරියටත් කාගිල්ස් ෆුඞ්සිටි ආයතනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග අත්වැල් බැඳගන්නා බව කාගිල්ස් ෆුඞ්සිටි ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සිදත් කොඩිකාර මහතා පවසයි.
වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තරග පැවැත්වීම සඳහා යළි සුගතදාස පිටියට අවතීර්ණ වී තිබේ. කාගිල්ස් ෆුඞ්සිටි එෆ්.ඒ. කුසලාන අවසන් පූර්ව වටය අනිද්දා (15) සුගතදාස පිටියේදී පැවැත්වෙන ආකාරය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.