Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී. - පොලිසිය අවසන් මහ තරගයට
පළමු පෙළ තරගාවලිය

එස්.එස්.සී. - පොලිසිය අවසන් මහ තරගයට

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ අවසන් මහ තරගය සඳහා එස්.එස්.සී. කණ්ඩායමත් පොලිස් ක්‍රීඩා සමාජයත් සුදුසුකම් ලබාගත්හ. පසුගිය සති අන්තයේදී පැවැති තරග වලදී පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කරගත් එස්.එස්.සී. සහ පොලිස් ක්‍රීඩා සමාජ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

පළමු පෙළ තරගාවලියේ අවසන් මහ තරගය සිව්දින තරගයක් වන අතර එය දෙසැම්බර් 07 වැනිදා සිට 10 වැනිදා දක්වා එන්.සී.සී. පිටියේදී පැවැත්වෙයි. 

ගෙවීගිය සති අන්තයේදී තම ක්‍රීඩා සමාජ පිටියේදීම බී.ආර්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිමේදී පරාජය කළ එස්.එස්.සී. ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්හ. ප්‍රසාද ලකුණු පුවරුවේදී එස්.එස්.සී. පිලට හා සටනට සිටි කෝල්ට්ස් ක්‍රීඩකයෝ පසුගිය සති අන්තයේ මග්ගොනදී පැවැති තරගයකදී රාගම පිල කඩුලු 7 කින් පරාජය කළහ. එහෙත් අවසන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් අනුව එස්.එස්.සී. පිල ලකුණු 9.255 කින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටියේය. 

‘බී’ කාණ්ඩයෙන් තරග කළ කණ්ඩායම් අතරේ ශ්‍රී ලංකා පොලිසිය සහ එන්.සී.සී. පිල අතර සටනක් තිබුණ නමුත් ප්‍රසාද ලකුණු 7.010 කින් පොලිස් ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. 

කාණ්ඩ දෙකක් යටතේ පළමු පෙළ තරගාවලියට කණ්ඩායම් 26 ක් සහභාගි වෙමින් සිටි නමුත් වසරින් වසර කණ්ඩායම් අඩු කිරීමේ ක්‍රමවේදය අනුව, 2023 පළමු පෙළ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් සංඛ්‍යාව 22 කි. එය තවදුරටත් අඩු කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බැවින් මේ වසරේදී ‘ඒ’ සහ ‘බී’ කණ්ඩ වලින් පහළින්ම සිටි කණ්ඩායම් 2 ක් බැගින්, ලබන වසරේදී දෙවැනි පෙළ තරගාවලියට (‘බී’ තලයේ තරගාවලිය) ඇද වැටෙනු ඇත. 

ඒ අනුව, ‘ඒ’ කණ්ඩයෙන් තරග කළ ගාල්ල සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් දෙකත්, ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ගුවන් හමුදාව සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායම් දෙකත් ලබන වසරේදී දෙවැනි පෙළ තරගාවලියට ඇද වැටෙනු ඇත. 

මෙම තරගාවලිය තුන්දින තරගාවලියක් වන නමුත් ඊට පළමු පෙළ තත්ත්වය හිමි නොවේ. එය (බී තලයේ තරගාවලිය) දෙවැනි පෙළ තරගාවලියකි. 

මෙම වෙනස්වීමත් සමගින් ලබන වසරේදී ප්‍රධානතම පළමු පෙළ තරගාවලිය කණ්ඩායම් 18 ක් දක්වා අඩුවන අතර ‘බී’ තලයේ තරගාවලිය කණ්ඩායම් 12 ක් අතර පැවැත්වේ. මේ වසරේදී ‘බී’ තලයේ තරගාවලියේදී ක්‍රීඩා කළ කණ්ඩායම් අතුරින් එක් එක් කාණ්ඩ වල පහළින්ම සිටි කණ්ඩායම් 2 ක් බැගින් කණ්ඩායම් 4 ක් ලබන වසරේදී ආණ්ඩුකාර කුසලාන තරගාවලියට එක්වනු ඇත. 

ආණ්ඩුකාර කුසලාන තරගාවලිය තුන්වැනි පෙළ තරගාවලියකි. 


අදහස් (0)

එස්.එස්.සී. - පොලිසිය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.