
පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 74 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද (5 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 268 ක් පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේම්ස් ඇන්ඩසන් (36/4) සහ ඔලී රොබින්සන් (50/4) පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. පාකිස්තාන දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සෞද් ශකීල් හතරේ පහර 12 ක් සමග ලකුණු 76 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
සිවුවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කර ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 188 ක් පමණි. එහිදී හිටපු නායක අසාර් අලී (40) සහ ආඝා සල්මාන් (30) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 657
(සැක් ක්‍රොව්ලි 122, බෙන් ඩකට් 107, ඔලී පෝප් 108, ජෝ රූට් 23, හැරී බෘක් 153, බෙන් ස්ටෝක්ස් 41, විල් ජැක්ස් 30, ඔලී රොබ්න්සන් 37, සාහිඩ් මොහොමඩ් 235/4, නසීම් ෂා 140/3, මොහොමඩ් අලී 124/2)
පාකිස්තානය පළමු ඉනිම - සියලු දෙනා දැවී 579
(අබ්දුල්ලා ශෆීක් 114, ඉමාම් උල්හක් 121, අසාර් අලී 27, බාබර් අසාම් 136, සෞද් ශකීල් 37, මොහොමඩ් රිස්වාන් 29, අඝා සල්මාන් 53, නසීම් ෂා 15, සාහිඩ් මොහොමඩ් 17, විල් ජැක්ස් 161/6, ජැක් ලීච් 190/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 264
(සැක් ක්‍රොව්ලි 50, ජෝ රූට් 73, හැරී බෘක්ස් 87, විල් ජැක්ස් 24, මොහොමඩ් අලී 64/2, නසීම් ෂා 66/2, සහිඩ් 84/2)
පාකිස්තානය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 268
(ඉමාම් උල්හක් 48, අසාර් අලී 40, සෞද් ශකීල් 76, මොහොමඩ් රිස්වාන් 46, ආඝා සග්මාන් 30, ජේම්ස් ඇන්ඩසන් 36/4, ඔලී රොබින්සන් 50/4)



-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.