Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය ලකුණු 463 ක් පසුපසින්
නොටිංහැම් ටෙස්ට් තරගය

එංගලන්තය ලකුණු 463 ක් පසුපසින්

editorial - 2022 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව නොටිංහැම්හි ටේ‍රන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (11 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 90 ක් ලබා නවසීලන්තයට වඩා ලකුණු 463 ක් පසුපසින් සිටියේය.

දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක්ද, ඔලී පෝප් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 84 කි.

එංගලන්ත ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ සැක් ක්‍රොව්ලි දවාගැනීමට ටේ‍රන්ට් බෝල්ට් සමත් වූ අතර ටොම් බ්ලන්ඩල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ක්‍රොව්ලි ලබා සිටියේ ලකුණු 4 ක් පමණි. දෙවැනි දිනය නිමාවීමට පෙර ඕවර 26 ක් යැවීම සඳහා පන්දු යවන්නන් සිවුදෙනෙකු යොදාගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් කටයුතු කළද එහිදී ඔවුන්ට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

පළමු දිනය වූ පෙරේදා (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 235 ක් එක්කර ගත්හ. එහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 236 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩර්ලි මිචෙල් (190) සහ ටොම් බ්ලන්ඩල් (106) නවලසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 550 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 23 ක් සමග ලකුණු 190 ක් ලබා සිටි මිචෙල් ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී ගියේ මැටි පොට්ස්ගේ පන්දුවක් හමුවේ බෙන් ෆෝක්ස් අතට උඩ පන්දුවක් දෙමිනි. හතරේ පහර 14 ක් සමග ශතකය සම්පූර්ණ කළ බ්ලන්ඩල් ජැක් ලීච්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවි 553
(ටොම් ලේතම් 26, විල් යංග් 47, ඩෙවෝන් කොන්වේ 46, හෙන්රි නිකෝල්ස් 30, ඩර්ලි මිචෙල් 190, ටොම් බ්ලන්ඩල් 106, මයිකල් බ්‍රාස්වෙල් 49, ජේම්ස් ඇන්ඩසන් 62/3, බෙන් ස්ටෝක්ස් 85/2, ස්ටුවට් බ්‍රෝඩ් 107/2, ජැක් ලීච් 140/2)

එංගලන්ත පළමු ඉනිම - කඩුල්ලක් දැවී 90
(ඇලෙක්ස් ලීස් නොදැවී 34, ඔලී පෝප් නොදැවී 51)

-036


අදහස් (0)

එංගලන්තය ලකුණු 463 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.