Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත පිතිකරුවෝ පාකිස්තානයට තලති
රාවල්පිණ්ඩි ටෙස්ට් තරගය

එංගලන්ත පිතිකරුවෝ පාකිස්තානයට තලති

editorial - 2022 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු දිනයේදී ආක්‍රමශීලි පිතිහරඹයක නිරත වෙමින් කඩුලු 4 ක් දැවී ලකුණු 506 ක් ලබාගත්තේය. 

මන්දාලෝක තත්ත්වය හේතුවෙන් ඕවර 75 ක් අවසානයේ තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර  ගත් අතර ඉන් අනතුරුව යළිත් තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් උදා නොවීය. පළමු දිනයේදී එංගලන්ත පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය සටහන් වූයේ ඕවරයකට ලකුණු 6.75 ක් ලෙසිනි. 

එහිදී එංගලන්තය වෙනුවෙන් පිතිකරුවන් සිවුදෙනෙක් ශතක ලබාගැනීමට සමත් වූ අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 233 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට සැක් ක්‍රොව්ලි (122) සහ බෙන් ඩකට් (107) සමත් වූහ. පන්දු 111 කදී වාර්තා වූ ක්‍රොව්ලිගේ ඉනිම හතරේ පහර 21 කින්ද, පන්දු 110 කදී වාර්තා වූ ඩකට්ගේ ඉනිම හතරේ පහර 15 කින්ද සමන්විත විය.

ඉන් අනතුරුව ක්‍රියාත්මත වූ ඔලී පෝප්ද (108) වේගවත් පිතිහරඹයක නිරත වූ අතර ඔහුට ශතකය ලබාගැනීම සඳහා වැය වූයේ පන්දු 104 ක් පමණි. පෝප්ගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත් විය. දිනයේ වේගවත්ම ශතකය ලබාගත් හැරී බෘක් පන්දු 81 කින් නොදැවී ලකුණු 101 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි. 

මෙය ටෙස්ට් තරගයක් බව අමතක කරමින් පිතිහරඹයේ නිරත වූ නායක බෙන් ස්ටෝක්ස් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කළේ විස්සයි-20 තරග රටාවට අනුගත වෙමිනි. පාකිස්තානය වෙනුවෙන් ඕවර 23 ක් යැවූ සාහිඩ් මොහොමඩ් ප්‍රතිවාදීන්ට ලකුණු 160 ක් ලබාදෙමින් කඩුලු 2 ක් දවාගත්තේය. 

 

එංගලන්ත පළමු ඉනිම - ඕවර 75 කදී කඩුලු 4 කට 506 
(සැක් ක්‍රොව්ලි 122, බෙන් ඩකට් 107, ඔලී පෝප් 108, ජෝ රූට් 23, හැරී බෘක් නොදැවී 101, බෙන් ස්ටෝක්ස් නොදැවී 34, සාහිඩ් මොහොමඩ් 160/2) 

-036 


අදහස් (0)

එංගලන්ත පිතිකරුවෝ පාකිස්තානයට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.