Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඊබ්‍රහීම්ගේ ශතකය ඇෆ්ඝනිස්ථානය ඔසවා තබයි
තෙවැනි එක්දින තරගය

ඊබ්‍රහීම්ගේ ශතකය ඇෆ්ඝනිස්ථානය ඔසවා තබයි

editorial - 2022 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම, ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන්ගේ (162) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 313 ක් ලබාගත්හ.

තරමක් සෙමින් ඉනිම ඇරඹූ ඊබ්‍රහීම් පන්දු 64 කදී අර්ධ ශතකයත්, පන්දු 100 කදී ශතකයත් සම්පූර්ණ කළේය. එක්දින තරග 8 කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලබාගත් තෙවැනි ශතකය එය විය. ශතකය ලබාගැනීමෙන් අනතුරුව ප්‍රහාරය ආරම්භ කළ ඊබ්‍රහීම්ට ඉතිරි ලකුණු 62 ලබාගැනීම සඳහා වැය වූයේ පන්දු 38 ක් පමණි. ඔහු‍ගේ විශිෂ්ඨ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 15 කින් සමන්විත විය.

මුල් කඩුලු 3 ලකුණු 57 ක් තුළ බිඳවැටීමෙන් අනතුරව නජිබුල්ලා සද්‍රාන් (77) සමග එක්වූ ඊබ්‍රහීම්, ‍සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 154 ක සම්බන්ධතාවක් පවත්වමින් ඇෆ්ඝනිස්ථාන ඉනිමට නව ජවයක් එක් කළේය. ඉනිම පුරා සිය අණසක පැතිරවූ ඊබ්‍රහීම් දැවී ගියේ අසිත ප්‍රනාන්දු යැවූ ඉනිමේ අවසන් පන්දුවේදී පැතුම් නිස්සංක අතට උඩ පන්දුවක් දෙමිනි. පන්දු 76 කට මුහුණදුන් නජිබුල්ලා හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසුවේය.

සිය ඕවර 10 තුළදී ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 60 ක් ලබාදුන්නද, එහිදී කඩුලු 3 ක් බි‍ඳහෙළීමට සමත් වූ කසුන් රාජිත, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා බවට පත් විය. ලකුණු 67 කට කඩුලු 2 ක් දවාගත් වනිඳු හසරංගත්, කඩුල්ල බැගින් දවාගත් ධනංජය ද සිල්වා සහ අසිත් ප්‍රනාන්දුත් සෙසු ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා රාජිතට සහාය දැක්වූහ.

 

ලකුණු පුවරුව
ඇෆ්ඝනිස්ථානය
රහ්මනුල්ලා ගුර්බාස් - ප.රාජිත                         5
ඊබ්‍රහීම් සද්රාන් - ඇ.පැතුම් ප.අසිත              162
රාමට් ෂා - ඇ.මෙන්ඩිස් ප.රාජිත                    22
හෂ්මතුල්ලා ශහිදි - ක.මු. කළා ප.ධනංජය        4
නජිබුල්ලා සද්රාන් - ඇ.ශානක ප.හසරංග      77
මොහොමඩ් නබී - ඇ.පැතුම් ප.හසරංග           12
ගුල්බදීන් නයිබ් - දුවද්දී දැවී ගියා                      8
රෂිඩ් ඛාන් - ඇ.චන්දිමාල් ප.රාජිත                 13
නූර් අහමඩ් - නොදැවී                                      2
අතිරේක                                                         8
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී             313

පන්දුවට පහර නොදුන් පිතිකරු‍වෝ :
මුජිබුර් රහමන් සහ ෆසාල්හක් ෆකූරි

කඩුලු වැටීම :
1-06(ගුර්බාස්), 2-42(ෂා), 3-57(ශහිදි), 4-211(නජිබුල්ලා), 5-241(නබී), 6-263(නයිබ්), 7-299(රෂීඩ්), 8-313(ඊබ්‍රහීම්)

පන්දු යැවීම :
කසුන් රාජිත 10-0-60-3, මහීෂ් තීක්ෂණ 7-0-46-0, දුනිත් වෙල්ලාලගේ 4-0-25-0, අසිත ප්‍රනාන්දු 10-1-64-1, ධනංජය ද සිල්වා 8-0-42-1, වනිඳු හසරංග 10-0-67-2, දසුන් ශානක 1-0-05-0 


අදහස් (1)

ඊබ්‍රහීම්ගේ ශතකය ඇෆ්ඝනිස්ථානය ඔසවා තබයි
  • Cv Wednesday, 30 November 2022 07:34 PM

    බෝර්න් අගේන් කණ්ඩායම සහ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.