Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඊජිප්තුව - සෞදිය ලෝක කුසලානයෙන් ඉවතට

ඊජිප්තුව - සෞදිය ලෝක කුසලානයෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සෞදි ක්‍රීඩක සලේම් අල්දව්සරි තරගයේ 95 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් ඊජිප්තුවට එරෙහිව පැවැති තරගයෙන් ගෝල 2-1 කින් ජයගැනීමට සෞදි අරාබිය ඊයේ (25) සමත් විය. ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගය වූ මෙය රුසියාවේ වොල්ගොග්‍රෑඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

ඊජිප්තු ක්‍රීඩක මොහොමඞ් සලා තරගයේ 22 වැනි මිනිත්තුවේදී, ගෝලයක් වාර්තා කරමින් තරගය ඔවුන් වෙත හරවා ගැනීමට සමත් විය. එනමුත් තරගයේ 46 වැනි මිනිත්තුවේදී, සෞදි අරාබියට දඬුවම් පහරක් පිරි නැමීම නිසා එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් සල්මන් අල්ෆරාජ් ගෝලයක් වාර්තා කරමින් පළමු භාගය ගෝල 1-1 ලෙස සම කළේය.

සෞදි අරාබිය ඊයේ තරගය ජයගත්තද, මෙවර අවසන් 16 වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය. ‘ඒ ’ කාණ්ඩයේ පෙරමුණ ලබාගත් උරුගුවේ කණ්ඩායම සමගින් සත්කාරක රුසියාව මේ සමග අවසන් 16 වටයට සුදුසුකම් ලැබීය.

සෞදි අරාබිය 1994 වසරේ ප්‍රථමවරට ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගත් අතර එවර අවසාන කණ්ඩායම් 16 දෙනාගේ වටයට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබිණ. නමුත් අනතුරුව සහභාගී වූ ලෝක කුසලාන 4 දීම ඔවුන්ට පළමු වටයෙන් ඉවත් වීමට සිදුවිය. මෙවර සත්කාරක රුසියාව සමගින් ආරම්භක තරගයේදීම  ගෝල 5-0 දැවැන්ත පරාජයකට මුහුණදීමට සෞදි අරාබිය  සිදුවිය. උරුගුවේට එරෙහිව පැවැති තරගයද ගෝල 1-0 කින් පරාජයට පත්වීම නිසා මෙවර ලෝක කුසලානයේ සිහිනය මුලුමණින්ම අතහැර දැමීමට ඔවුන්ට සිදුවිය.

ඊජිප්තුව 1934 වසරේදී ප්‍රථම වරට ලෝක කුසලානයකට සහභාගිවුවත් ඔවුන් මෙවර තරගාවලියත් සමගින් ලෝක කුසලානයකට ක්‍රීඩාකර ඇත්තේ තෙවතාවක් පමණි. මෙවර පළමු වටයේ  සහභාගි වූ තරග ත්‍රිත්වයම පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ටද මෙවර තරගාවලිය පිළිබඳ සිහිනය අතහැර දැමීමට සිදුවිය.

 

 

 

- 024


අදහස් (0)

ඊජිප්තුව - සෞදිය ලෝක කුසලානයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.