Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ සෙනසුරාදා ලකුණු 221 ක් ලබාගනිමින් තරග 127 ක ටෙස්ට් දිවියේ 10 වැනි ද්විත්ව ශතකය ලබාගත් කුමාර් සංගක්කාර කොදෙව් පිතිකරු බ්‍රයන් ලාරා පසුකර ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන්ගේ ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්විය. වසර 137 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ද්විත්ව ශතක ලබාගැනීම අනුව සංගක්කාරට ඉදිරියෙන් සිටින්නේ ලොව මෙතෙක් බිහිවූ අසහාය පිතිකරුවා වශයෙන් අවිවාදයෙන් සැලකෙන ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් පමණි.
මීට පෙර ටෙස්ට් තරග තුනකදීම ද්විත්ව ශතක ලබාගැනීමේ අවස්ථා ගිළිහී ගිය නමුත් සංගක්කාර ඒ ගැන කණගාටු නොවෙයි.
”මා හිතන්නේ අපි සෑම කෙනෙක්ම බ්රැඞ්මන්ට දෙවැනි වෙනවා. ඔහුට ද්විත්ව ශතක දෙකක් පසුපසින් සිටීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා විතරක් නෙමේ, ඔහුට මේ තරමින් හෝ ළංවිය හැකි එකම ආකාරයත් ඒකයි කියලා තමයි මා හිතන්නේ” යයි සෙනසුරාදා තරගයෙන් අනතුරුව කුමාර් සංගක්කාර මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වූ නමුත් මීට පෙර අවස්ථාවන්හිදී වාසනාවේ දෙව්දුව ඔහු සමග සිටියා නම් ටෙස්ට් ද්විත්ව ශතක 13 ක් ලබාගනිමින් අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් පසුකර යාමේ අවස්ථාවත් කුමාර් සංගක්කාරට තිබිණ.
වසර දෙකකට ඉහතදී, පාකිස්තානු පිලටම එරෙහිව, ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේදී සංගක්කාර ලකුණු 199 ක් ලබා නොදැවී සිටියදී අනෙක් අන්තයෙන් සියලූම පිතිකරුවෝ දැවී ගියහ. එම සිදුවීමෙන් දින 8 කට පසුව, කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නැවත වරක් ද්විත්ව ශතකය සොයා ගිය සංගක්කාර ලකුණු 192 දී දැවී යන්නේ අබ්දුර් රෙහෙමාන්ගේ පන්දුවකට තවුෆීක් උමාර් උඩපන්දුවක් රැකගැනීමෙනි.
වසර 7 කට පොරතුව ඕස්ටේ්රලියාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 507 ක ඉලක්කයක් කරා යමින් සිටි ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් ලකුණු 192 ක් ලබාගත් සංගක්කාරට බලාපොරොත්තු කඩවුණු මුහුණින් ආපසු කී‍්‍රඩාගාරයට යාමට සිදුවූයේ විනිසුරුවරයාට වැරදීමක් වූ බැවිනි. එකල විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය නොතිබිණ.
තරගයෙන් අනතුරුව සංගක්කාර සොයා ආ විනිසුරුවරයා තමන්ගෙන් සිදුවූ අත්වැරදීම පිළිබඳව සමාව ඉල්ලා සිටියද ඒ වන විට සියල්ල සිදුවී අවසානය.
”ඒ ගැන මා පසුතැවෙන්නේ නෑ....කොහොම වුණත් අවසානයේදී කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි ඉනිමක් ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කරගැනීමේ වගකීම පිතිකරුවා සතු බව කියන එක. මට අවස්ථාව තිබුණා. මා එය කරගත්තේ නෑ. ඒ ගැන කාටවත් චෝදනා කරන්න බෑ. චෝදනා කරගන්න පුළුවන් තමන්ටම විතරයිි” යයි පැවසූ සංගක්කාර....
”ඒ කෝක වුණත්, මා හැම තිස්සේම හිතන එක දෙයක් තියෙනවා. ඒ තමයි ලකුණු 0 කට වඩා එක ලකුණක් වටිනවා. ලකුණු 5 කට වඩා ලකුණු 10 ක් වටිනවා කියන එක....මා ලකුණු කීයක් ලබාගත්තත් එයින් කණ්ඩායමට ප්‍රයෝජනයක් තියෙනවා නම් වඩාත් වැදගත් වන්නේ ඒක තමයි”
”එය ලකුණු 100 ක් නැත්නම් ලකුණු 200 ක් වෙන්නම ඕනේ නෑ. ඒත් දිගු ඉනිමක් කරා යන්න අවස්ථාව ලැබුණොත් ඒ කරා යා යුතුයි” යයිද සෙනසුරාදා සන්ධ්‍යාවේදී සංගක්කාර පැවසීය.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඇතැම් අවස්ථාවන්හිදී තමන්ගේ බලාපොරොත්තු කඩවූ සිදුවීම් තිබෙන නමුත් ඒ කිසිවක් තමන්ට දරාගත නොහැකි ඒවා නොවන බවද සංගක්කාර පැවසීය.
තරගයේ දෙවැනි දින (7 වැනිදා) සන්ධ්‍යාවේදී පිටියට පිවිසි සංගක්කාර, සෙනසුරාදා සවස් වරුවේදී දැවී යන විට විනාඩි 698 ක් පිටියේ ගතකර තිබිණ. පන්දු 425 කට මුහුණ දුන් මෙම අලංකාර වමත් පිතිකරුවා හතරේ පහර 24 කින් සිය ඉනිම හැඩවැඩ කර තිබිණ.
පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 20 කදී ලකුණු 270 ක් ලබා සිටින සංගක්කාර පාකිස්තානුවන් හමුවේ පවත්වාගෙන යන ඉනිමක සාමාන්‍යය 84.59 කි. එය කිසියම් රටකට එරෙහිව පවත්වාගත හැකි අද්වීතීය වාර්තාවකි.
”පාකිස්තානයට එරෙහිව තියෙන මේ සාර්ථකත්වයේ රහස මොකක්ද කියන්න නම් මා දන්නේ නෑ. මගේ පළමු ද්විත්ව ශතකය ලබාගත්තේත් පාකිස්තානයටම එරෙහිව ලාහෝර් නුවරදී තමා. එදා ඉඳන් මා ඔවුන් හමුවේ පහසුවෙන් ලකුණු ලබාගන්නවා”
”ඔවුන්ට පන්දු යැවීමේ හොඳ බලඇණියක් සිටියත් සමහරවිට මා වමත් පිතිකරුවකු වීම නිසා එහි වාසියක් මට තියෙනවා වෙන්න පුළුවන්. අනෙක් අතට ඔවුන්ගේ දග පන්දු යවන්නන් මට පන්දු යැවීමේදී තරමක් පසුබානවා වෙන්නත් ඇති...කොහොම වුණත් වාසනාවත් තියෙන්න ඕනෑ. ඔවුන් අතරින් පතර උඩපන්දුත් අතහරිනවා” යයිද සංගක්කාර පැවසීය.
සෙනසුරාදා තරගය ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවටම සංගක්කාර ගැසූ පහරින් ලැබුණු උඩපන්දුවක් ‘පොයින්ට්’ හි සිටි අබ්දුර් රෙහෙමාන් සොයා ගියද දිනයේ පළමු පන්දුවටම උඩපන්දුවක් ලැබේවි යයි අපේක්ෂා නොකළ රෙහෙමාන් අතින් එය ගිළිහී ගියේය. එතැන් සිට පසුපස නොබැලූ සංගක්කාර දැවී ගියේ ලකුණු වේගය වැඩිකිරීමට ගත් උත්සාහයකදී රෙහෙමාන්ගේම පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.