Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉසිපතන විදුහල අවසන් තරගයට
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

ඉසිපතන විදුහල අවසන් තරගයට

editorial - 2023 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ඊයේ (2 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 39-10 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.  

ඒ අනුව සැප්තැම්බර් මස 10 වැනිදා පැවැත්වෙන ජනාධිපති කුසලාන අවසන් මහ තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හෝ මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ඉසිපතන විදුහල තරග බිමට පිවිසීමට නියමිතය. ශාන්ත පීතර විදුහල සහ ශාන්ත ජෝෂප් විදුහල අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (3 වැනිදා) පැවැත්වේ.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 13-10 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල සමත් විය. එහිදී ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින්ද, සහිරා විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්තේය.

දෙවැනි අර්ධයේදී සහිරා විදුහලට ලකුණු ලබාගැනීමට කිසිදු ලබා ඉඩක් නොදුන් ඉසිපතන ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 3 සහ උත්සාහක දිනුමක් සමග ලකුණු 26 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රාහී පරතරය ඉහළ දමාගත්හ.

ඊයේ පැවැති අගමැති කුසලාන අවසන් පූර්ව තරගයකදී පිළියන්දල මැදි විදුහලට එරෙහිව ලකුණු 30-18 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය. එහිදී තර්ස්ටන් විදුහල ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහර 3 ක් මගින්ද, පිළියන්දල මැදි විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින්ද ලකුණු රැස්කළේය.

ඊයේ පෙරවරුවේ පැවැති සභාපති කුසලාන අවසන් පූර්ව තරගයකදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 13-12 ක තියුණු ජයක් ලැබීමට ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල සමත් විය. එහිදී ලලිත් ඇතුළත්මුදලි විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින්ද, සුමංගල විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින්ද ලකුණු ලබාගත්තේය.

 


අදහස් (0)

ඉසිපතන විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.