
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ අද (29 වැනිදා) පැවති තරගයකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 25-23 තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ඒ අනුව මූලික වටයේදී සහභාගි වූ තරග 5 ම ජයගත් ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 16-13 ක් ලෙස පෙරමුණ ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය. එහිදී විද්‍යාර්ථ ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ දඬුවම් පහර 3 ක් සමගින් ලකුණු රැස්කළ අතර ඉසිපතන ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමගිනි.
දෙවැනි අර්ධය තුළ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් ලබාගැනීමට ඉසිපතන විදුහල සමත් වෙද්දී, විද්‍යාර්ථ විදුහලට ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 25-23 ක් ලෙස තරගයේ ජය ඉසිපතන විදුහල සතු විය. ඉසිපතන විදුහලේ එන්.එස්. වෑවලපණ්ඩිත් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.




(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.