Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති
ඩයලොග් පාසල් රග්බි

ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

editorial - 2022 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ අද (17 වැනිදා) පැවති තරගයකදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 29-17 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. මේ දක්වා තරග 3 කට ක්‍රීඩා කළ ඉසිපතන විදුහල එම තරග 3 න්ම ජය ලබා සිය අපරාජිත බව රැකගෙන සිටියි.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-07 ලෙස ඉසිපතන ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ඉසිපතන විදුහල ලකුණු රැස්කළ අතර ශාන්ත පීතර විදුහල ලකුණු රැස්කළේ ගෝල දිනුමක් මගිනි.

දෙවැනි අර්ධයේදී ඉසිපතන විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගනිද්දී, ශාන්ත පීතරයන්ට ලකුණු ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුම් 2 ක් මගින් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 29-17 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.

 

ඡායාරූප - කුෂාන් පතිරාජ


අදහස් (0)

ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.