Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉසිපතන - ශා. පීතර අවසන් මහ සටන සුගතදාස පිටියේදී
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

ඉසිපතන - ශා. පීතර අවසන් මහ සටන සුගතදාස පිටියේදී

editorial - 2023 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ‘ජනාධිපති කුසලනාන’ අවසන් මහ තරගය මෙම මස 10 වැනිදා පස්වරු 4.15 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල තරග බිමට අවතීර්ණ වීමට නියමිතය.

මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද නොවැලැක්විය හැකි හේතුවක් මත එය සුගතදාස ක්‍රීඩාංගණය වෙත ගෙන යෑමට සිදුවූ බව පාසල් රග්බි සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

පළමු අවසන් පූර්ව තරගයේදී මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 39-10 ක ජයක් වාර්තා කරමින් ඉසිපතන විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 16-11 ක ජයක් වාර්තා කරමිනි.

1985 වසරේ සිට මේ දක්වා වැඩිම වාර සංඛ්‍යාවක් ජනාධිපති කුසලාන දිනාගත් පාසල් අතර ඉසිපතන විදුහල ඉහළින්ම සිටින අතර ශාන්ත පීතර විදුහල එහි දෙවැනි ස්ථානයේ පසුවේ. ඉසිපතන විදුහල මේ දක්වා 11 වරක් ජනාධිපති කුසලාන දිනාගෙන ඇති අතර ශාන්ත පීතර විදුහල 7 වරක් එම කුසලානට හිමිකම් කියා තිබේ.

2020 සහ 2021 වසරවලදී ජනාධිපති කුසලාන තරගාවලිය නොපැවැත්වුණ අතර අවසන් වරට පැවැති ජනාධිපති කුසලාන තරගාවලි 5 දී ඉසිපතන විදුහල දෙවරක්ද (2016 සහ 2022), ශාන්ත පීතර විදුහල දෙවරක්ද (2018 සහ 2019) ජය ලැබීය. 2017 වසරේදී ජනාධිපති කුසලානට හිමිකම් කීවේ මරදාන ශාන්ත ජොෂප් විදුහලය.

අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහල පරාජය කරමින් 2022 වසරේදී ජනාධිපති කුසලාන දිනූ ඉසිපතන විදුහල, 2016 වසරේදී එම කුසලානට හිමිකම් කීවේ ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමිනි. 2018 වසරේදී ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමින් ජනාධිපති කුසලාන දිනාගත් ශාන්ත පීතර විදුහල 2019 වසරේදී කොළඹ වෙස්ලි විදුහල පරදවමින් ඊට හිමිකම් කීවේය.

මෙම වසරේ (2023) පාසල් රග්බී ලීගයේ ශූරයන් තීරණය කෙරුණ තරගය පැවැතියේද ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල අතරය. අවසන් මහ තරගයක් බඳු වූ එම තරගයෙන් ලකුණු 28-17 ක ජයක් වාර්තා කරමින් ලීග් ශූරයන් බවට පත් වීමට ශාන්ත පීතර විදුහල සමත් විය. ඒ අනුව මෙම වසරේදී මෙම විදුහල් දෙක මුහුණට මුහුණ හමුවන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.


අදහස් (0)

ඉසිපතන - ශා. පීතර අවසන් මහ සටන සුගතදාස පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.