Last Update  :  2026-04-11 13:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රිකට් පිල ජූලි 19 වැනිදා එයි

ඉන්දීය ක්‍රිකට් පිල ජූලි 19 වැනිදා එයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරග 3 කින්, එක්දින තරග 5 කින් සහ විස්සයි20 තරග දෙකකින් සමන්විත සම්පූර්ණ තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ලබන ජූලි මස 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ තරගාවලිය ස්ථිර වී ඇති බවත් තරග පැවැත්වෙන දින ඉදිරියේදී ප්‍රකාශයට පත්කර බවයි.

ටෙස්ට් තරග තුන පිළිවෙළින් ගාල්ල, එස්.එස්.සී. සහ පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැළසුම්කර තිබේ.

එක්දින තරගාවලියේ පළමු තරගය දඹුල්ලේදීද, දෙවැනි සහ තෙවැනි තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියේ සිවුවැනි එක්දින තරගය සූරියවැව පැවැත්වීමට මේ වන විට අදහස් කර තිබුණ ද කිසියම් ගැටලුවක් මතුවුවහොත් එම තරගය සහ පස්වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානමින් සිටියි.

මෙම සංචාරයට ඇතුළත් විස්සයි20 තරග දෙක ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.  

 


අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් පිල ජූලි 19 වැනිදා එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.