Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව කඩුලු 8 කින් ජය ලබයි

ඉන්දියාව කඩුලු 8 කින් ජය ලබයි

editorial - 2023 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (17 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ ඕවර 16.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී සායි සුධර්ෂන් පන්දු 43 කදී හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 55 ක්ද, ශ්‍රෙයාස් අයියර් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට ඕවර 27.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අර්ෂ්දීප් සිං ලකුණු 37 කට කඩුලු 5 ක් බිඳහෙළු අතර දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අවේෂ් ඛාන් ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය. 


දකුණු අප්‍රිකාව - ඕවර 27.3 කදී සියලු දෙනා දැවී 116 
(ටෝනි ඩි සෝර්සි 28, ඇන්ඩිල් පෙලුක්වායෝ 33, අර්ෂ්දීප් සිං 37/5, අවේෂ් ඛාන් 27/4) 

ඉන්දියාව - ඕවර 16.4 කදී කඩුලු 2 ක් දැවී 117 
(සායි සුධර්ෂන් නොදැවී 55, ශ්‍රෙයාස් අයියර් 52) 

-036 


අදහස් (0)

ඉන්දියාව කඩුලු 8 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.