Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානු කාන්තාවෝ ටෙස්ට් තරගය දිනති

ඉන්දියානු කාන්තාවෝ ටෙස්ට් තරගය දිනති

editorial - 2023 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කළ ඉන්දීය කාන්තාවෝ මුම්බායි නුවර වැන්කඬේ පිටියේදී අද (24 වැනිදා) නිමා වූ ටෙස්ට් තරගයෙන් ජයගත්හ. මෙම ජයග්‍රහණය ඉන්දීය කාන්තා කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරන ලද පළමු අවස්ථාව ලෙසින් සැලකෙයි. 

තරගයේ සිව්වැනි සහ අවසන් දිනය අදයි. 

අද පෙරවරුවේදීම ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගේ දෙවැනි ඉනිම ලකුණු 261 කට සීමා කරගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 75 ක ඉලක්කයක් කරා ගියහ. 

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (23 වැනිදා) සවස සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල 5 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 46 කින් ඉදිරියෙන් සිටියේය. එහෙත් අද පෙරවරුවේදී පූජා වස්ත්‍රකාර්, ස්නේ රානා සහ රාජේෂ්වරී ගයික්වාඞ් එක්ව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 28 ක් ඇතුළතදී දවාගත්හ. පිට දඟ පන්දු යවන ක්‍රීඩිකා ස්නේ රානා ලකුණු 63 කට කඩුලු 4 ක් දවාගත්තේ ඕවර 22 ක් යවමිනි. 

ඉන්දියාව වෙනුවෙන් ජයග්‍රාහී ලකුණ ලබාගත් ස්මිත්‍රි මන්ධනා හතරේ පහර 6 ක් ද සමගින් පන්දු 61 කින් නොදැවී ලකුණු 38 ක් ලබාගත්තාය. 


ඕස්ට්‍රේලියානු කාන්තාවෝ - පළමු ඉනිම 219 යි
ඉන්දීය කාන්තාවෝ - පළමු ඉනිම 406 යි
ඕස්ට්‍රේලියානු කාන්තාවෝ - දෙවැනි ඉනිම 261 යි

(බෙත් මූනි 33, ෆෝබී ලිච්ෆීල්ඞ් 18, එලිස් පෙරී 45, ටාලියා මැග්‍රාත් 73, ඇලිසා හීලි 32, ඇනබෙල් සදර්ලන්ඞ් 32, ස්නේ රානා 63/4, රාජේෂ්වරී ගයික්වාඞ් 42/2, හර්මන්ප්‍රීත් කවුර් 23/2)
ඉන්දීය කාන්තාවෝ - දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 75 යි
(ස්මිත්‍රි මන්ධනා නොදැවී 38, රිචා ගෝෂ් 13, ජෙමීමා නොදැවී 12) 

- 213


අදහස් (0)

ඉන්දියානු කාන්තාවෝ ටෙස්ට් තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.