Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇන්ජලෝගේ පිතිහරඹය අපතේ යයි

ඇන්ජලෝගේ පිතිහරඹය අපතේ යයි

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ක්‍රිකට් ලීගයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සුරේෂ් රයිනා නායකත්වය දරන අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (5 වැනිදා) සමත් විය. සූරත් නුවරදී පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 75 ක ජයක් වාර්තා කරමින් හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට පිවිසියහ.

මෙම තරගයේදී පරාජයට පත්වුවද, මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීම සඳහා තවත් අවස්ථාවක් හිමිවන අතර ඒ සඳහා ඔවුන් දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ජය ලැබිය යුතුය. අද (6 වැනිදා) පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සහ මනිපාල් ටයිගර්ස් කණ්ඩායම අතර දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය හෙට (7 වැනිදා) පැවැත්වේ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 254 ක ඉලක්කයක් හඹාගිය මනිපාල් කණ්ඩායමට ඕවර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. මනිපාල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඇන්ජලෝ පෙරේරා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 30 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 73 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 253 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඞ්වේන් ස්මිත්, පන්දු 53 කින් ලකුණු 120 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි. 

රිකී ක්ලාර්ක් (34) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්මිත්, ඉන් නොනැවතී  ගුරුකීට් සිං (39) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. ක්ලාර්ක්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින්ද, ගුරුකීට්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය. 

 

අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 253 
(ඞ්වේන් ස්මිත් 120, රිකී ක්ලාර්ක් 34, ගුරුකීට් සිං 39, පීටර් ටේ්‍රගෝ 18, අෂ්ගර් අෆ්ඝන් නොදැවී 23, පංකජ් සිං 47/2, තිසර පෙරේරා 53/2) 

මනිපාල් ටයිගර්ස් පිල - ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 178
(කයිල් කොයෙට්සර් 15, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 15, අමිත් වර්මා 16, ඇන්ජලෝ පෙරේරා 73, ප්‍රවීන් ගුප්තා 16, පීටර් ටේ්‍රගෝ 08/3, ජෙරම් ටේලර් 47/3, ස්ටුවට් බිනී 29/2) 

-036 


අදහස් (0)

ඇන්ජලෝගේ පිතිහරඹය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.