Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ශූරතාවලියට යන්න කෝටියක්

ආසියානු ශූරතාවලියට යන්න කෝටියක්

editorial - 2022 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල් පතිරගේ)

සිංගප්පූරුවේදී සැප්තැම්බර් 3 සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයේ  වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටියක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.  මෙම වියදම ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතයේ මෙරට පෙර පුහුණුවීම් වියදම්වලට අමතරවය.

මෙවර ආසියානු කුසලාන දිනා ගැනීම ශ්‍රී ලංකාවේ අභිමානය රැක ගැනීමට හේතුවක් වන අතර අවසන් මහ තරගයට ප්‍රවේශ වෙමින් අනුශූරතාව හිමිකර ගැනීමද වසර 2023 දී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට  ප්‍රමාණවත්ය.

කොවිඩ් වසන්ගතය හේතුවෙන් වසර 2020 දී පැවැත්වීමට නියමිතව තිබියදී අත්හිටවූ තරගාවලිය මෙසේ ලබන සැප්තැම්බර් 3 වැනිදා සිංගප්පූරුවේදී ආරම්භ වේ.

 ඒ සඳහා සූදානමින් ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය මේ වනවිට පෙර පුහුණුවීම් ආරම්භ කර තිබේ. ඒ ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විතවය.

වසර 2020 තරගාවලිය පැවැත්වූයේ නම් ඒ සඳහා ශ්‍රී ලංකාවට යන වියදම දැන් ඇස්තමේන්තුගත මුදලින් හරි අඩකි.  එහෙත් දැන් රට තුළ උද්ගතව පවතින දරුණු ආර්ථික අවපාතය හමුවේ සියලු වියදම් ඉහළ යාම තුළින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම් ආසියානු තරග සංචාරය සඳහා අවම රුපියල් මිලියන 10කට වැඩි මුදලක් දැරීමට සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

දැල්පන්දු සම්මේලනය මේ වනවිට වඩාත් දුෂ්කරතාවයට පත්ව ඇත්තේ පවතින තත්ත්වය යටතේ දේශීය දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා අනුග්‍රාහකයන් ඉදිරිපත්වීමට දක්වන මැළිකමයි.  මේ දක්වා ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතා තරගමාලා 11කට සහභාගි වී ඉන් පස් වතාවකදීම කුසලාන දිනා ගෙන තිබේ. සිව් වරක් අනුශූරතාවද දෙවරක් තෙවනි ස්ථානයද අත් කරගෙන තිබේ.

අවසන් වරට 2018  සිංගප්පූරුවේදී පැවැති 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය ජය ගත්තේද ශ්‍රී ලංකාවයි. ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ 18 වන ස්ථානයයි. පළමු තැන හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියාවටයි.

කේප්ටවුන් නුවරදී මීළඟ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ වසර 2023 ජූලි 28 සිට අගෝස්තු 6 වැනිදා දක්වායි.


අදහස් (0)

ආසියානු ශූරතාවලියට යන්න කෝටියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.