Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු 7 සාමාජික තරගාවලයට කාන්තා රග්බි පිල යයි

ආසියානු 7 සාමාජික තරගාවලයට කාන්තා රග්බි පිල යයි

ශනුක අරවින්ද - 2013 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ පූනේහිදී මේ මස 9 සහ 10 දෙදින පැවැත්වෙන ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම අද (07) පෙවරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලිය වසරේ දෙවැනි සහ අවසන් කාන්තා සත් සාමාජික රග්බි තරගාවලිය වන අතර තායිලන්තයේදී පැවැති පළමු තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පළඟ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

මෙම තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා පිල චීනය, කසකස්තානය, තායිලන්තය සහ ඉන්දියාව සමග තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අනිද්දා (09 වැනිදා) පෙරවරු 10.40 ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස තනූජා වීරක්කොඩි කටයුතු කරන්නීය.

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට : නදීෂිකා විජේරත්න (භෞතචිකිත්සක), චන්ද්‍රශාන් පෙරේරා (පුහුණුකරු), තනූජා වීරක්කොඩි (නායිකාව), අසංග සෙනෙවිරත්න (ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති), ජී. ජී. ඞී. ගුණසේකර (නිලධාරී), ආර්. ටී. වරකාගොඩ (කළමණාකාරිණී) සහ කේ. පී. නාරංතොට (සහය පුහුණුකරු)

පසු පෙළ වමේ සිට : නදීකා මුණසිංහ, නිරංජලා වික‍්‍රමරත්න, සුනීතා රත්නායක, සංජීවනි ද සිල්වා, අයේෂා පෙරේරා, රන්දික කුමුදුමාලි, අනූෂා අත්තනායක, හේෂලා කරුණාරත්න, සංදීපා සඳමාලි, ඒෂානි ද සිල්වා සහ රුක්‍ෂානි ආරියසේන

 


 


අදහස් (0)

ආසියානු 7 සාමාජික තරගාවලයට කාන්තා රග්බි පිල යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.