Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආර්ජන්ටිනාව - නෙදර්ලන්තය 8 දෙනාගේ වටයට
කටාර් - 2022

ආර්ජන්ටිනාව - නෙදර්ලන්තය 8 දෙනාගේ වටයට

editorial - 2022 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන සිටිති. ඒ සමගම ලෝක ක්‍රීඩා පිටියේ ප්‍රබලතම රටවල් දෙකක් වන ඇමරිකා එක්සත් ජනපදයේත් ඕස්ට්‍රේලියාවේත් ලෝක කුසලාන සිහින බොඳවී ගියේය.

සෙනසුරාදා පැවැති 16 දෙනාගේ වටයේ පළමු තරගයේදී නෙදර්ලන්තය විසින් ගෝල 3-1 ක් ලෙසින් ඇමරිකා එක්සත් ජනපදය පරාජය කරන ලදි. සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ පැවැති අනෙක් තරගයේදී ආර්ජන්ටිනාව විසින් ගෝල 2-1 ක් ලෙසින් ඕස්ට්‍රේලියාව පරාජය කරන ලදි.

ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ආරම්භ වී 35 වැනි විනාඩියේදීම ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී 1-0 ක් ලෙසින් තම කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. 57 වැනි විනාඩියේදී ජූලියන් ඇල්වරෙස් ලබාගත් ගෝලයත් සමගින් ආර්ජන්ටිනාව 2-0 ක් ලෙසින් ඉදිරියට ආවේය. ඕස්ට්‍රේලියානුවෝත් අවසන් මොහොත දක්වාම සටන් කළ අතර 77 වැනි විනාඩියේදී ක්‍රෙග් ගුඩ්වින් ගැසූ පහරකින් ඇදී ගිය පන්දුව ආර්ජන්ටිනාවේ ආරක්‍ෂක ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස්ගේ පාදයේ වැදී ආර්ජන්ටිනා දැළ තුළට වැදගත්තේය.

ඕස්ට්‍රේලියානුවන්ට ගෝලයක් ලැබුණේ එලෙසිනි.

මේ අතර වත්මන් ලෝක ශූරයන් වන ප්‍රංශය සහ පෝලන්තය අතර තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (4 වැනිදා) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණ. ඉන් අනතුරුව එංගලන්තය සහ අප්‍රිකානු ශූරයන් වන සෙනගාලය අතර තරගය පැවැත්වෙයි.

පුහුණුකරු ඩිඩියර් ඩෙස්චෑම්ප්ගේ ප්‍රංශ කණ්ඩායමට මෙවරත් ලෝක කුසලාන දිනාගත හැකිවුවහොත්, 1958 සහ 1962 වසර වලදී බ්‍රසීල කණ්ඩායමේ ජයග්‍රහණ වලන් පසුව එකම කණ්ඩායමක් ලෝක කුසලාන දිනාගන්නා අවස්ථාව එය වනු ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් අනාවැකි කීමට තවමත් කල්වේලා වැඩිය. එහෙත් පෝලන්තය පරාජය කරමින් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ඉදිරියට යාමට ප්‍රංශයට හැකිවුවහොත්, එංගලන්තය හෝ සෙනගාලය ඔවුන්ගේ මීළඟ ප්‍රතිවාදියා වනු ඇත.

එංගලන්තය පසුගිය ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගත් කණ්ඩායමකි. එහෙත් 1966 දී ලෝක කුසලාන දිනාගැනීමෙන් පසුව එංගලන්තය තවමත් පාපන්දු ලෝක කුසලානයක් දිනා නැත.

- 213


අදහස් (0)

ආර්ජන්ටිනාව - නෙදර්ලන්තය 8 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.