Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවිෂ්කගේ ශතකය එස්.එස්.සී. පිල ඔසවා තබයි
අන්තර් සමාජ පළමු පෙළ

අවිෂ්කගේ ශතකය එස්.එස්.සී. පිල ඔසවා තබයි

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය වූ අද (8 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 දැවී ලකුණු 250 ක් ලබා සිටියේය.
 
වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පැය එකහමාරක් පමණ වේලාසනින් තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත් අතර ඒ වන විට කුසල් මෙන්ඩිස් හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද, නුවනිඳු ප්‍රනාන්දු හතරේ පහරක් සමග ලකුණු 7 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

එස්.එස්.සී. කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ෂෙවෝන් ඩැනියෙල් (56) සහ අවිෂ්ක ප්‍රනාන්දු (107) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. එහෙත් දිවා ආහාරයට පෙර මාලින්ද පුෂ්පකුමාර යැවූ අවසන් ඕවරයේදී කුසල් ජනිත් පෙරේරා රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේ ෂෙවෝන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

කෙසේ වුවත් ඉන් නොනැවතුණු අවිෂ්ක, තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක නිපුන් ධනංජය (40) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 88 ක් එක්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 137 කට මුහුණදෙමින් අවිෂ්ක ලබාගත් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය.  

දැවී යන විට පන්දු 88 කට මුහුණදී සිටි ෂෙවෝන්, හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සරසා තිබූ අතර පන්දු 75 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. අබුඩාබි දහයයි-10 තරගාවලියට සහභාගි වෙමින් සිටි දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් පෙරේරා මෙම තරගයට සහභාගි වීම සඳහා ඊයේ (7 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

 
එස්.එස්.සී. පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 250 
(ෂෙවොන් ඩැනියෙල් 56, අවිෂ්ක ප්‍රනාන්දු 107, නිපුන් ධනංජය 40, කුසල් මෙන්ඩිස් 29) 


අදහස් (0)

අවිෂ්කගේ ශතකය එස්.එස්.සී. පිල ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.