Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අරාබියම මගුල්ගෙයක් වෙයි
කටාර් - 2022

අරාබියම මගුල්ගෙයක් වෙයි

editorial - 2022 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුළුමහත් අරාබි හා අප්‍රිකානු ලෝකයම මවිත කරමින් මොරොක්කෝව කටාර් ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව වටයට ප්‍රබල පෘතුගාලය පරාජය කරමින් නිර්දේෂ ලබාගත්තේය. ඒ අතර එංගලන්තය ගෝල 2-1 කට සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් කළ ප්‍රංශය මේ වනවිට තමන් සතු ලෝක කුසලාන රැක ගැනීම සඳහා මාවත තවදුරටත් සුරක්‍ෂිත කර ගැනීමට සමත් විය.

 

මොරොක්කෝව – පෘතුගාලය (තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය)

යුසුප් එන් නෙසරි 42 වැනි විනාඩියේ දී සිය හිසෙන් එල්ල කළ ගෝලයකින් ප්‍රබල පෘතුගාලයට විනාශය කැඳවූ මෙම තරගය ජය ගැනීමත් සමග මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පළමු අරාබි මෙන්ම අප්‍රිකානු රට බවට පත්විය.

ලෝකයේ කීර්තිමත්ම හා ධනවත්ම පාපන්දු ක්‍රීඩකයෙකු වන 37 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නායකත්වය දැරූ පෘතුගාලයේ මෙවර ලෝක කුසාලන ගමන ද මේ සමගම අවසන් විය. රොනාල්ඩෝගේ මෙවර ලෝක කුසලාන දස්කම් ද එක් ගෝලයකට පමණක් සීමා විය. රොනාල්ඩෝ ජාත්‍යන්තර තරග 118ක දී ගෝල 196 ක් ඒ වනවිට වාර්තා කරමින් ලෝකවාර්තාවක් පිහිටුවා තිබුණි.

 

ප්‍රංශය – එංගලන්තය (සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය)
ටෙචුවාමනි 17 වැනි විනාඩියේ දී රැස් කළ ගෝලයත් සමග ප්‍රංශය මෙම තරගයේ ඉදිරිය ආරක්‍ෂා කර ගත්තේය. එහෙත් හැරී කේන් 54 වැනි විනාඩියේ දී එංගලන්තයට දඬුවම් පහරක් මගින් ලබාදුන් ගෝලයත් සමග තරගය යුරෝපයම උණුසුම් කළේය.

එහෙත් 78 වැනි විනාඩියේ දී ඔලිවර් ගිරවුඩ් රැස් කළ ගෝලය ප්‍රංශයේ මෙවර තරගාවලියේ මෙතෙක් තීරණාත්මකම ගෝලය බවට පත්විය. මෙහි විශේෂත්වය මෙම තරගය පුරා එංගලන්ත කණ්ඩායම ප්‍රංශයට වඩා දක්‍ෂතා අතින් ඉදිරියෙන් පසුවීමය.

මේ අතර ආජන්ටිනාව හා ක්‍රොඒෂියාව අතර ද ප්‍රංශය හා මොරොක්කෝව අතර ද අවසන් පූර්ව තරග දෙක බදාදා (14) හා බ්‍රහස්පතින්දා (15) පැවැත්වේ.

- 223


අදහස් (0)

අරාබියම මගුල්ගෙයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.