Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයිස් ක්‍රිකට් අභියෝගයේ ජය රෝයල්ස් කණ්ඩායමට

අයිස් ක්‍රිකට් අභියෝගයේ ජය රෝයල්ස් කණ්ඩායමට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස්හිදී පැවැති ‘අයිස් ක්‍රිකට් අභියෝගය’ තරගාවලියේ පළමු තරගයේදී විරේන්ද්‍ර සෙවාග් නායකත්වය දැරූ ඩයමන්ඞ්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට සහිඩ් අෆ්රිඩි නායකත්වය දැරූ රෝයල්ස් කණ්ඩායම සමත් විය. සෙල්සියස් අංශක -5 ක උෂ්ණත්වයක් යටතේ ඊයේ (8 වැනිදා) පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය රෝයල්ස් කණ්ඩායම පන්දු 28 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ඕවිස් ෂා පන්දු 34 කදී හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කරමින් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ග්‍රාන්ට් එලියට් පන්දු 11 කදී ලකුණු 21 ක් ලබාගත්තේය. රෝමන් පවර් ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත් අතර අජිත් ආගර්කාර් සහ ලසිත් මාලිංග අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩයමන්ඞ්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 164 ක් රැස්කළ අතර එහිදී පන්දු 31 කින් හයේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 62 ක් රැස්කිරීමට නායක විරේන්ද්‍ර ෂෙවාග් සමත් විය. ඩයමන්ඞ්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඇන්ඩෘ සයිමන්ස් පන්දු 31 කදී ලකුණු 40 ක් රැස්කළේය.

ඩයමන්ඞ්ස් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ෂාන්ට (08) සහ මහේල ජයවර්ධනට (07) පන්දුවට පහරදීමේදී වැඩි යමක් කිරීමට නොහැකි විය.

ඩයමන්ඞ්ස් පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් වූ අබ්දුල් රසාක් සිය ඕවර 4 තුළදී කඩුලු 4 ක් දවාගත්තේ ලකුණු 18 ක් පමණක් ලබා දෙමිනි. ෂොයිබ් අක්තාර් ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මෙම තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (9 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණ.


 

- 036


අදහස් (0)

අයිස් ක්‍රිකට් අභියෝගයේ ජය රෝයල්ස් කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.