Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අනුකම්පා විරහිත අභිෂේක් සන්රයිසස් පිල දිනවයි
අයි.පී.එල් - 2022

අනුකම්පා විරහිත අභිෂේක් සන්රයිසස් පිල දිනවයි

editorial - 2022 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආරම්භක පිතිකිරු අභිෂේක් ෂර්මාගේ අනුකම්පා විරහිත පිතිහරඹයෙන් සවිමත් වූ සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ මුම්බායි නුවර ඩී.වයි. පතෙල් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදවමින් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්හ. මෙම පරාජය චෙන්නායි කණ්ඩායම තරග 4 කදී ලබාගත් සිව්වැනි පරාජය විය.

අයි.පී.එල්. තරග ඉතිහාසයේ ශූරතා ගණනාවක්ම දිනා සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2022 තරගාවලියේදී මේ දක්වා සහභාගි වූ තරග 4 ම පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා ඇදවැටී සිටී.

පන්දු 50 කින් ලකුණු 75 ක් ලබාගත් අභිෂේක්, හතරේ පහර 5 කින් සහ හයේ පහර 3 කින් චෙන්නායි පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය. නායක කේන් විලියම්සන් (32) සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 89 ක සම්බන්ධතාවක් පැවැත්වූ අභිෂේක්, රාහුල් ත්‍රිපාටි සමගින් එක්ව තවත් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් සිටියද ජයග්‍රහණය පෙනි පෙනී දැවී ගියේය.

චෙන්නායි ඉනිමේ අවසන් ඕවර 5 ලකුණු 46 කට සීමාකරගත් හයිද්‍රාබාද් පන්දු යවන්නෝ චෙන්නායි පිතිකරුවන් ලකුණු 154 කට සීමාකර ගත්හ. මැදපෙළ පිතිකරුවන් සාර්ථක වූ නමුත් රවීන්ද්‍ර ජදේජා හැරෙන්නට සෙසු පසුපෙළ පිතිකරුවන් අපේක්‍ෂා කළ තරම් වේගයෙන් ලකුණු ලබාගැනීමට හයිද්‍රාබාද් පන්දු යවන්නන්ගෙන් අවසර නොලැබිණ.

ජදේජා ලකුණු 23 ක් ලබාගත්තේ පන්දු 15 කිනි. එහෙත් ප්‍රහාරාත්මක පිතිකරුවන් ලෙසින් නම් දරා සිටින මහේන්ද්‍ර සිං දෝනි (3), ඩ්වේන් බ්‍රාවෝ (8) සහ ක්‍රිස් ජෝර්ඩ්න් (6) තිදෙනාම එක්ව, අවසන් ඕවර 5 දී, පන්දු 14 කින් ලබාගත්තේ ලකුණු 17 කි.

ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවීමට පෙර ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය නමුත් මොයින් අලී (48) සහ අම්බටි රයියදු (27) එක්ව චෙන්නායි පිල ගොඩගත්හ. තරගයේ අවසන් ඕවර 5 ආරම්භ වීමටත් පෙර මුලු ලකුණු සංඛ්‍යාව 100 සීමාවෙන් ඔබ්බට තල්ලු කළ මොයින් අලී, අවසන් ඕවර 5 දී අවශ්‍ය තරම් ප්‍රහාරාත්මක වේගයක් ලබාගැනීම සඳහා පසුපෙළ පිතිකරුවන්ට නිදහස දුන්නේය.

6 වැනි ඕවරයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී යන විට ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 2 කට ලකුණු 36 කි. එහෙත් 15 වැනි ඕවරය නිමා වන විට ලකුණු සංඛ්‍යාව 108 දක්වා ඉහළ දැමූ මොයින් අලී සහ අම්බටි රයියදු ලකුණු වේගය 7.28 රඳවා ගත්තේ, අවසන් ඕවර 5 වෙනුවෙන් කඩුලු 6 ක් ඉතිරිකරමිනි.


චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 154 යි
(රොබින් උත්තපා 15, රුතුරාජ් ගයික්වාඩ් 16, මොයින් අලී 48, අම්බටි රයියදු 27, රවීන්ද්‍ර ජදේජා 23, වොෂිංටන් සුන්දර් 21/2, ටී. නට්රාජන් 30/2)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 17.4 කදී කඩුලු 2 ක් දැවී 155 යි
(අභිෂේක් ෂර්මා 75, කේන් විලියම්ස් 32, රාහුල් ත්‍රිපාටි 39)

 

- 213


අදහස් (0)

අනුකම්පා විරහිත අභිෂේක් සන්රයිසස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.