Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය හෙට ඇරඹේ

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය හෙට ඇරඹේ

editorial - 2022 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන නිපෝන් පේන්ට් - 2022/23 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ හෙට (9 වැනිදා) ආරම්භ වේ. තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් නාවික හමුදාව සහ පොලිසිය අද පස්වරු 4.00 ට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමිට පිවිසීමට නියමිතය. 

ක්‍රීඩා සමාජ 8 ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටය සති 7 ක් පුරා පැවැත්වෙන අතර සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී තරග 4 බැගින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව මූලික වටයේදී පැවැත්වීමට නියමිත මුළු තරග සංඛ්‍යාව 28 කි. 

මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ට පත්වන කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකරගනු ඇත. ලකුණු සටහනේ අවසන් ස්ථාන 4 ට පත්වන කණ්ඩායම්වලට දෙවැනි වටයේදී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. 

මූලික වටයේ තෙවැනි සතිය මෙම වසරේ අවසන් සතියද වන බැවින් එම සතියේදී පමණක් බ්‍රහස්පතින්දා දිනයේදී (29 වැනිදා) තරගයක් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 1 වැනිදා ඉරිදා දිනයක් වුවත් එදින කිසිදු තරගයක් නොපැවැත්වේ. 

තරගාවලියේ මූලික වටය ජනවාරි මස 29 වැනිදායින් නිමාවට පත්වන අතර දෙවැනි වටය පෙබරවාරි මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය. දෙවැනි වටය සති 3 කින් සමන්විත වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම තමන් සහභාගිවන ශූරතාව (කුසලාන හෝ පළඟ) යටතේ තරග 3 කට බැගින් සහභාගි වනු ඇත. 

මූලික වටයේ පළමු සතියේ තරග 

  • දෙසැ. 9 වැනිදා - නාවික හමුදාව සහ පොලිසිය අතර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 10 වැනිදා - හැවුලොක් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 11 වැනිදා - මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 11 වැනිදා - ගුවන් හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 

 


අදහස් (0)

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.