Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අකිල ධනංජයගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්
අන්තර් සමාජ පළමු පෙළ

අකිල ධනංජයගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේදී යටතේ රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 156 කට කඩුලු 15 ක් බිඳහෙළීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත් විය. 

ධනංජයගේ එම පන්දු යැවීම හමුවේ එම තරගයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමටද කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට හැකි විය. එම තරගයට අමතරව අවසන් සතිය යටතේ පැවැති සෙසු තරගවලදී පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූයේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ඒක් කැපිටල් ක්‍රීඩා සමාජය පමණි. 

එහිදී සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 83 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජයද, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 140 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයද සමත් විය. අවසන් සතිය යටතේ පැවැති සෙසු තරග සියල්ල ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. 

එම තරගවලදී බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ (නොදැවී 106), සී.සී.සී. ක්‍රීඩා සමාජයේ කමිඳු මෙන්ඩිස් (103), එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ සහන් ආරච්චිගේ (106), බදුරලිය ක්‍රීඩා සමාජයේ පර්වේස් රසූල් (124), පොලිස් ක්‍රීඩා සමාජයේ හේෂාන් ධනුෂ්ක (119), ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ තරිඳු හර්ෂණ (111) සහ රවිඳු ප්‍රනාන්දු (134) ශතක ලබාගැනීමට සමත් වූහ. 

ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් ඉනිම් දෙකේදීම කඩුලු 5 බැගින් බිඳහෙළීමට සමත් වූ අතර සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායක සහ චාමික එදිරිසිංහ, එන්.සී.සී. කණ්ඩායමේ අෂේන් ඩැනියෙල් සහ ලසිත් අබේරත්න, ඒස් කැපිටල් කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස, බී.ආර්.සී. කණ්ඩායමේ මර්වින් අභිනාෂ්, මීගමුව කණ්ඩායමේ නිෂාන් පීරිස් සහ පොලිස් කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන කඩුලු 5 බැගින් දවාගැනිමට සමත් වූහ. 


මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
කෝල්ට්ස් පිලට කඩුලු 7 ක ජයක් 
රාගම පළමු ඉනිම - සියලු දෙනා දැවී 231
(යොහාන් ලියනගේ 32, ජනිත් ලියනගේ 35, අවිෂ්ක තරිඳු 26, රනිමිත් ජයසේන 21, දුලාජ් බණ්ඩාර 27, නිපුන් මාලිංග 30, අකිල ධනංජය 100/6, උදිත මධුෂාන් 42/2) 
කෝල්ට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 334 
(සංගීත් කුරේ 68, ධනංජය ලක්ෂාන් 42, ශලින් ද මෙල් 31, රවිඳු රසාන්ත 59, මුදිත ලක්ෂාන් 79, යොහාන් ලියනගේ 69/4, ශෂික දුල්ෂාන් 120/3) 
රාගම දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 142 
(නිෂාන් මධුෂංක 24, සමින්ද ප්‍රනාන්දු 48, අකිල ධනංජය 56/9) 
කෝල්ට්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 334 
(සංගීත් කුරේ 21, ධනංජය ලක්ෂාන් නොදැවී 20, ශෂික දුල්ෂාන් 28/2) 


මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී 
මුවර්ස් පිලට ලකුණු 83 ක ජයක් 
මුවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 175
(මොහොමඞ් ශමාස් 91, ප්‍රවීන් ජයවික්‍රම 46, තරිඳු රත්නායක 49/5, චාමිකර එදිරිසිංහ 61/3) 
සෙබස්තියනයිට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 191 
(ලොහාන් ද සොයිසා 91, ප්‍රමෝද් මධුවන්ත 33, තරිඳු රත්නායක 34, ටිලංග උදේෂන 31/4, රමේෂ් මෙන්ඩිස් 69/3, තීෂාන් විතුෂාන් 28/2)
මුවර්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 227 
(ජනිෂ්ක පෙරේරා 81, කවිඳු කුලසේකර 34, සොහාන් ද ලිවේරා 35, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 35, චාමික එදිරිසිංහ 91/5, තරුෂ ප්‍රනාන්දු 52/2) 
සෙබස්තියනයිට්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 212  
(දුෂාන් විමුක්ති 32, සචිත ජයතිලක 22, ප්‍රමෝද් මධුවන්ත 20, රමේෂ් මෙන්ඩිස් 31/4, තීෂාන් විතුෂාන් 57/3) 


වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් පිලට ලකුණු 140 ක ජයක් 
ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 272
(තනුක දාබරේ 30, පවන්ත වීරසිංහ 34, රවිඳු රත්නායක 24, වනුජ සහන් 60, රොෂාන් ජයතිස්ස 21, නිම්සර අතරගල්ල 46, චමෝද් සඳරු 70/4, ලසිත් ලක්ෂාන් 78/2) 
හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 188
(රමේෂ් නිමන්ත 36, ලසිත් ලක්ෂාන් 20, රවීන් යසස් 61, තික්ෂිල ද සිල්වා 40, වනුජ සහන් 56/5, රොෂාන් ජයතිස්ස 83/3, පවන්ත වීරසිංහ 26/2) 
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 202 
(කවිඳු ආමන්ත 57, හර්ෂ කුරේ නොදැවී 54, වනුජ සහන් 35, ලසිත් ලක්ෂාන් 69/4, අවිඳු තීක්ෂණ 45/2, ඉරුක්ෂ තිමිර 79/2) 
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 146 
(ලසිත් ලක්ෂාන් 20, පුලින තරංග 29, චමෝද් සඳරු 25, අවිඳු තීක්ෂන 22, වනුජ සහන් 47/5, රොෂාන් ජයතිස්ස 78/5) 


කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
බී.ආර්.සී. - එස්.එස්.සී. තරගය ජය පැරදුමෙන් තොරයි  
බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 179  
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, දුලාෂ් උදයංග 68, මර්වින් අබිනාෂ් 33, ලක්ෂිත මනසිංහ 36/4, නිම්නක ජයතිලක 20/2, නිසල තාරක 38/2) 
එස්.එස්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 205
(සදිෂ රාජපක්ෂ 34, නිපුන් ධනංජය 66, කවිඳු නදීෂාන් 21, මර්වින් අභිනාෂ් 64/5, දුවිඳු තිලකරත්න 29/2) 
බී.ආර්.සී. දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 285   
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 106, රිසිර වීරසූරිය 20, ලක්ෂාන් ගමගේ 75, ජනිත් ලියනගේ 41, නිම්නක ජයතිලක 63/4, කවිඳු නදීෂාන් 38/2) 


පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
සී.සී.සී. - පානදුර තරගය ජය පැරදුමෙන් තොරයි  
සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 392
(මිනෝද් භානුක 73, කමිඳු මෙන්ඩිස් 103, පවන් රත්නායක 21, අෂාන් ප්‍රියන්ජන් 58, සොනාල් දිනූෂ 52, අංජල බණ්ඩාර 33, හෂාන් සංදීප 50/2, යෙෂාන් අවිෂ්ක 77/2, නිමේෂ් විමුක්ති 122/2) 


කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී 
යුද හමුදා - මීගමුව තරගය ජය පැරදුමෙන් තොරයි  
යුද හමුදා පළමු ඉනිම - සියලු දෙනා දැවී 238 
(පැතුම් බොතේජු 29, අසේල ගුණරත්න 45, දිනේෂ් චන්දිමාල් 62, පැතුම් කුමාර 37, නිෂාන් පීරිස් 79/6, චනුර ප්‍රනාන්දු 42/2, උපුල් ඉද්‍රසිරි 57/2) 
මීගමුව පළමු ඉනිම - සියලු දෙනා දැවී 252 
(අෂේන් සිල්වා 46, ඇංජලෝ ජයසිංහ 27, හිමාෂ ලියනගේ 83, මිලින්ද සිරිවර්ධන 22, ජටින් සක්සේනා 40, කෞමාල් නානායක්කාර 55/4, ලක්ෂාන් එදිරිසිංහ 40/2, ශේහද සොයිසා 44/2, ගයාන් බණ්ඩාර 65/2) 
යුද හමුදා දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 56  
(ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 22, ධනුෂ්ක සඳරුවන් 19/2) 


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
ගාල්ල - නුගේගොඩ තරගය ජය පැරදුමෙන් තොරයි  
ගාල්ල පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 353
(ඉරෝෂ් සමරසූරිය 84, රාඝව් ධවාන් 26, බුද්ධික හසරංග 34, ශාලිත් ප්‍රනාන්දු 65, පසිඳු මධුෂාන් 54, සචිත්‍ර පෙරේරා 56, සඳුන් මධුෂංක 100/4, චලන ද සිල්වා 89/2) 
නුගේගොඩ පළමු ඉනිම - සියලු දෙනා දැවී 284 
(තිලකරත්න සම්පත් 34, රුමේෂ් බුද්ධික 43, රාහුල් ගුණසේකර 78, කෙවින් පෙරේරා 38, රනිත ලියනාරච්චි 45, සුවත් මෙන්ඩිස් 20, සචිත්‍ර පීරිස් 71/3, තරිඳු ගුරුගේ 76/3, උමේග චතුරංග 49/2) 
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 212
(ඉරෝෂ් සමරසූරිය 46, ඕෂධ ප්‍රනාන්දු 64, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 69) 
නුගේගොඩ දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 105 
(තිලකරත්න සම්පත් 23, රුමේෂ් බුද්ධික නොදැවී 36, රාහුල් ගුණසේකර 22) 


කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී 
එන්.සී.සී. - බ්ලූම්ෆීල්ඞ් තරගය ජය පැරදුමෙන් තොරයි  
එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 352 
(කමිල් මිෂාර 90, කවින් බණ්ඩාර 55, සහන් ආරච්චිගේ 106, අසේල් සිගේරා 20, ලසිත් ඇඹුල්දෙණිය 21, හස්නේන් බොඛාරි 43/3, ළහිරු මධුෂංක 49/3, සහන් නානායක්කාර 69/2) 
බ්ලූම්ෆීල්ඞ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 198 
(හසිත බෝයගොඩ 72, අසිත වන්නිනායක 46, හස්නේන් බොඛාරි 30, අෂේන් ඩැනියෙල් 46/5, ලසිත් අබේරත්න 81/5) 
බ්ලූම්ෆීල්ඞ් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 312 
(යොහාන් ද සිල්වා 92, හසිත බෝයගොඩ 40, අසිත වන්නිනායක 64, මිනෙත් ප්‍රේමරත්න 57, නිපුන් කරුණානායක 51, ලසිත් ඇඹුල්දෙණිය 107/2) 


කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 
බදුරලිය - ද්‍රවිඩ සංගම් තරගය ජය පැරදුමෙන් තොරයි  
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 327 
(අනුක් ප්‍රනාන්දු 27, පර්වේස් රසූල් 124, අයන සිරිවර්ධන 44, අලංකාර අසංක නොදැවී 43, ධනංජය ද සිල්වා 30/3, කවිඳු පතිරත්න 54/2, රවිඳු ප්‍රනාන්දු 66/2, දිලුම් සුදීර 70/2) 
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 415
(සිතාර හපුහින්න 24, තරිඳු හර්ෂණ 111, ධනංජය ද සිල්වා 69, රවිඳු ප්‍රනාන්දු 134, ශිරාන් ප්‍රනාන්දු 20, චානක කොමසාරු 138/4, පර්වේස් රසූල් 149/4)
බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 89
(පර්වේස් රසූල් 41, රනේෂ් සිල්වා නොදැවී 28, විජයකාන්ත් වියස්කාන්ත් 22/3)  


හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
කුරුණෑගල යොවුන් - පොලිස් තරගය ජය පැරදුමෙන් තොරයි  
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 171
(ගයාන් මනීෂාන් 33, දිල්හාර පොල්ගම්පල 23, සනෝජ් දර්ෂික 28, අසාන්ත බස්නායක 34, නලින් ප්‍රියදර්ශන 61/5, මාලින්ද ප්‍රෂ්පකුමාර 71/4) 
පොලිස් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 322 
(හේෂාන් ධනුෂ්ක 119, ජිතන්ෂ් ඛේරා 24, අෂේන් බණ්ඩාර 34, චාමර සිල්වා 64, චතුරංග කුමාර 46, දිනුෂ්ක මාලන් 21/2, සමීර සඳමාල් 29/2, ඩිලංක ඕවාර්ඞ්ට් 112/2) 
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 99 
(ගයාන් මනීෂාන් 40, සමීර සඳමාල් නොදැවී 29, මාලින්ද පුෂ්පකුමාර 61/3) 


අදහස් (0)

අකිල ධනංජයගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.